ජීවිතය :- මෙච්චර කලියෙන්?
මරණය :- ඇයි ලෑස්ති නැතිද තවම?
ජීවිතය :- මම හිතුවේ තව පරක්කු වේවි කියල
මරණය :- කලින් ආව
ජීවිතය :- මට ඩිංගක් වෙලා දෙන්න
ගෙදර කට්ටියට කියන්න
මරණය :- මොනව කියන්නද ඔච්චර
මීට කලින් නොගිය වගේ
ජීවිතය :- ඒ උනාට
නොකිය ගියොත් දුක හිතාවි
මරණය :- කලින් කිව්වෙ නැද්ද ඉතින්?
දන්නව නෙව යනව කියල
ජීවිතය :- දිනයක් කිව්වේ නැහැ මම
යන්න වේවි කියල කිව්ව
මරණය :- හා එහෙනම් කියල එමුකො
එන්න නොයන ගමනක් යැයි
ජීවිතය :- ආයෙ ඉතින් කවද කොහොම
හම්බවෙයිද කව්ද දන්නෙ
මරණය :- කට්ටිය නම් ඕන තරම්
මඟදි හම්බවේවි හුඟක්
ජීවිතය :- දූට කියල එන්නම් මම
මහත්තයට දුව කියාවි
මරණය :- කෑම මුලක් වතුර එහෙම
සූදානම් කරල ඇතිනෙ?
ජීවිතය :- යායුතු බව දන්න නිසා
ඒ දේවල් හදල තිබ්බ
මරණය :- ඒක හොඳයි... හුඟ දෙනාට
මඟදි තමයි මතක් වෙන්නෙ
අත් දෙක හිස් නේද කියල
Sunday, August 28, 2016
Tuesday, August 23, 2016
සිතුවිලි
තනි වූ හිතක් සැර මීවිතක්
බොඳ වුනු මතක යලි කැන්දනා
නැති හිමිකමක් බිඳි පෙම් දමක්
යලි යලිත් හදවත පාරනා
මා දන්නෙ නෑ තේරෙන්නෙ නෑ
සිත නුඹ ම විමසන කාරනා
දුක දරන මතකම තෝරනා
ප්‍රේමයේ වස්සානය ගෙවී
එලැඹිලා ගිම්හානේ
වියොවේ සරතැසින් වෙහෙසයි
බිඳුනු සන්තානේ
ස්නේහයේ මිරිඟුව තවත්
ලුහුනොබැඳ සංසාරේ
කාලයයි සිත පිලිගන්න දැන්
මියගියැයි පෙම් සිහිනේ....
බොඳ වුනු මතක යලි කැන්දනා
නැති හිමිකමක් බිඳි පෙම් දමක්
යලි යලිත් හදවත පාරනා
මා දන්නෙ නෑ තේරෙන්නෙ නෑ
සිත නුඹ ම විමසන කාරනා
දුක දරන මතකම තෝරනා
ප්‍රේමයේ වස්සානය ගෙවී
එලැඹිලා ගිම්හානේ
වියොවේ සරතැසින් වෙහෙසයි
බිඳුනු සන්තානේ
ස්නේහයේ මිරිඟුව තවත්
ලුහුනොබැඳ සංසාරේ
කාලයයි සිත පිලිගන්න දැන්
මියගියැයි පෙම් සිහිනේ....
Monday, August 22, 2016
අම්මා
දරුවෙකු සමඟ අඟනක් වීදියක කොනේ
පාමින් පුතුව ඇය මුදලක් සිඟනු පෙනේ
රැකියාවක් කලහැකි බව හොඳින් දැනේ
මවු සෙනෙහසද මන්දා ඒ අලෙවි වුනේ
කුඹුරු කාලේ කුලියක් මලියක් කෙරුවා
තුනටිය රිදෙන තුරු වත්තේ දළු නෙලුවා
ඉරිදා පොලේ කීර තම්පලා එලුවා
සිහිවී නුඹව මගෙ නෙත කඳුලැලි සැලුවා
අප්පා නැති පැලේ ලිප ගිනි මොලවන්න
කරුමෙට දැනෙන සාගින්දර නිමවන්න
සිප් නැණ සයුරෙ අප හැමටම කිමිදෙන්න
නුඹ විඳි ගැහැට වචනෙන් බැහැ පවසන්න
නුඹ අද නැතත් මේ කතාව අහන්නට
සිහිනෙන් පෙනෙනවා අම්මේ විටින් විට
මතු බුදු වෙන්න කලියෙන් එක වරක් මට
ඔබෙ ලේ කිරි සුවඳ දෙනවද ඉඹින්නට
පාමින් පුතුව ඇය මුදලක් සිඟනු පෙනේ
රැකියාවක් කලහැකි බව හොඳින් දැනේ
මවු සෙනෙහසද මන්දා ඒ අලෙවි වුනේ
කුඹුරු කාලේ කුලියක් මලියක් කෙරුවා
තුනටිය රිදෙන තුරු වත්තේ දළු නෙලුවා
ඉරිදා පොලේ කීර තම්පලා එලුවා
සිහිවී නුඹව මගෙ නෙත කඳුලැලි සැලුවා
අප්පා නැති පැලේ ලිප ගිනි මොලවන්න
කරුමෙට දැනෙන සාගින්දර නිමවන්න
සිප් නැණ සයුරෙ අප හැමටම කිමිදෙන්න
නුඹ විඳි ගැහැට වචනෙන් බැහැ පවසන්න
නුඹ අද නැතත් මේ කතාව අහන්නට
සිහිනෙන් පෙනෙනවා අම්මේ විටින් විට
මතු බුදු වෙන්න කලියෙන් එක වරක් මට
ඔබෙ ලේ කිරි සුවඳ දෙනවද ඉඹින්නට
Sunday, August 21, 2016
ලියමන
හිතේ තනියට පාලුවට පොඩි නිවාඩුවකට යන්න කියලා
ලැබුනාම මාසෙම මහන්සිය එනව මැණිකේ නුඹව සොයලා
ලැබුනාම මාසෙම මහන්සිය එනව මැණිකේ නුඹව සොයලා
සින්න වෙන්නට කලින් බේරා ගන්න උගසට තියපුවා
මතක් වෙනවා පුංචි දූ ගෙන එන්න කියලා කියපුවා
අම්මගේ බේතුත් අහවරයි මතක හැටියට මගෙ හිතේ
කඩේ මුදලාලිටත් බේරන්නට ඕනි ගානට සතේ
පුතා ඉල්ලපු වයින් කාර් එක මේ සැරේ මම අරන් එන්නම්
උඹට ලස්සන ගවුම් රෙද්දක් අනිත් පඩියට ගෙනත් දෙන්නම්
රූල් කොලයක් පිරෙන්නට තියනවා වියදම් අඩු නැතී
බෝඩිමේ ගානත් ගෙවන්නට ඕනි මාසෙක හිඟ ඇතී
සුමනෙ ගෙන් ගිය මාසේ ඉල්ලා ගත්තු දාහක් තියනවා
එක්කො මට මේ සැරේ නෑවිත් ඉන්න කියලා හිතෙනවා
අජිය නම් ගම් යනව කිව්වා මේ මාසෙ පඩි පහුවෙලා
උගෙ අතේ එවතැහැකි වියදම්, ඇයි නුඹේ නෙත් තෙත් වෙලා
මමත් හිතකින් නෙමේ නෑවිත් ඉන්න හිතුවේ මේ සැරේ
ගමන් වියදම එකතු කරගෙන එනවමයි ඊලඟ සැරේ
සුමනෙ ගෙන් ගිය මාසේ ඉල්ලා ගත්තු දාහක් තියනවා
එක්කො මට මේ සැරේ නෑවිත් ඉන්න කියලා හිතෙනවා
අජිය නම් ගම් යනව කිව්වා මේ මාසෙ පඩි පහුවෙලා
උගෙ අතේ එවතැහැකි වියදම්, ඇයි නුඹේ නෙත් තෙත් වෙලා
මමත් හිතකින් නෙමේ නෑවිත් ඉන්න හිතුවේ මේ සැරේ
ගමන් වියදම එකතු කරගෙන එනවමයි ඊලඟ සැරේ
Tuesday, August 16, 2016
Sunday, August 14, 2016
මයෙ පුතේ
පෝය දෙකයි තව ඇත්තේ අමාවකට හිතේ
උඹ ගියාම කොහොමද හිත හදා ගන්නෙ පුතේ
මංගල සාරිය දැක්කම හැඩවෙන නුඹෙ ගතේ
සාරියෙ මුතු බොඳවී ගෙන නැගුන කඳුලු නෙතේ
බන ඇහුවට අඩු කරන්න තන්හාවන් සිතේ
ලෝබයි මට උඹව දෙන්න වෙන කෙනෙකුට මෙතේ
ලේ කිරිකර පෙව් හැටි මට මතක් වෙනව ගතේ
වරින් වරේ මා බලන්න එනව නේද පුතේ
අයියා රෑ වී එනකම් අපි ඇහැරන් ඉන්නවා
ආවම දෙන්නම එක්කහු වී කොල්ලට බනිනවා
පෙන්නුවෙ නැති උනාට උගෙ හිත හරියට හඬනවා
අයියට උඹ නංගියෙක්ට වඩා ගොඩක් වටිනවා
තාත්ත නැති අඩුව උඹට දැනෙනව ඇති හිතේ
මටත් එහෙමමයි පෙන්නුවෙ නැති උනාට පුතේ
පුංචි එකෙක් තුරුලු කරන් වරෙන් හනික අතේ
සංසාරේ නිවනට තව දුරයි මයේ හිතේ
Friday, August 12, 2016
අපේ පාලම
අතීතයෙ ඒ දවස
මුනගැහුනු අපි සවස
අපේ පාලම උඩට
ගියා ඊයේ සවස
මාව හඳුනාගත්තු
ගඟේ රැලි අහනවා
නුඹ කොහිද නුඹ කොහිද....
නෑහුනා වගේ මම
හිනැහුනා ගඟ දියට
"කෝ ඉතින් ඔහොම මදි
තව හොඳට කට පුරා
ඉර බහින අර පැත්ත
බලාගෙන හිනැහෙන්න"
මල් කලඹ වම් අතට
සාරි පොට හුලඟකට
පාවෙලා යන්න දී
හැරුන මා.. ඉර දෙසට
ඉර පුදුම වූ ලෙසින්
මා වෙතට ලං වෙලා
"ඔබේ සෙවනැල්ල නැහැ
එය කොහෙද හැංගිලා"
කොහොම මම හිනැහෙමිද
නුඹේ හඬ ඇහෙනවා
හමා යන මද නලේ
ගලා යන ජල කඳේ
"ඔයා තව ලං වෙන්න
ඈව ලං කරගන්න
ඉන වටා අත යවා,
ඈ...
ඔබේ බව පෙන්වන්න"
"අන්න හරි...දැන් හොඳට
හිනැහෙන්න...."
හිනැහුනා මම ඉතින්
ගං දියට
මද නලට...
දුනිමි අරගෙන යන්න..
ප්‍රේමයේ අවසාන සිනා පොද
රත්තරන් පැහැ ඉරට....
Thursday, August 11, 2016
Monday, August 8, 2016
Subscribe to:
Posts (Atom)