Thursday, January 14, 2016
Wednesday, January 13, 2016
රෝස කැලයේ ඇවිද යන්නට.. එන්න සුබ නැකතින් ඔයා..
හිමියනේ නුඹ සුවෙන් නොවෙදෝ.. බෝඩිමේ තනිවම රැයේ..
මමත් නිදි නෑ දුවත් තුරුලේ.. පුදුම පාලුයි මේ පැයේ..
බක් මහේ නම් ගෙදර එන්නැයි.. දෝනි කිව්වා කියැන්නැයි..
තෑගි වෙනුවට දූට ඕනෑ.. ඔබේ සෙනෙහස විඳින්නයි..
වැවෙන් මානෙල් මල් කඩාගෙන.. එල්ලිලා නුඹගේ අතේ..
ගමේ පන්සල් යන්න ඕනිලු.. දූට අවුරුදු නොනගතේ..
දේවතා එලි බැලූ හැටි.. මතකයි නුඹේ තුරුලේ වෙලී..
අදත් සඳ නැහැ පායලා නම්.. හාත්පස කලුවර වෙලී..
නැතත් නුඹෙ අත මගේ බඳ වට.. වෙලී සෙනෙහස තෙරපිලා..
ඔබේ උනුහුම ගතේ සුවඳත්.. තියේ පැදුරේ දැවටිලා..
ඉරෙන් ඉල්ලන් පාට ගාගෙන.. ඉරිඟු රන්වන් පැහැ වෙලා..
බඹරු අඹ ගහ එක්ක යාලුයි.. ගහේ අඹ මල් පීදිලා..
පුංචි දෝනිට නලවගන්නට.. පුංචි බෝනික්කෙක් සොයා..
රෝස කැලයේ ඇවිද යන්නට.. එන්න සුබ නැකතින් ඔයා..
Saturday, January 2, 2016
ඔබ....
අලුත් අවුරුද්ද ලැබුවා විතරයි
නුඹ යනවා සිත සතුට අරන්
ඉන්න කියන්නට ආස උනත් හිත
දන්නව රැඳෙන්න බැරිබව මං
මූදු හතක් ඈතින් හිටියත් නුඹ
දැනෙන්නෙ නැහැ අප දුර බව නම්
ඔබ හිනැහෙන කොට අහස බලාගෙන
තරු කැට පවසයි මට රහසින්
නුඹ යනවා සිත සතුට අරන්
ඉන්න කියන්නට ආස උනත් හිත
දන්නව රැඳෙන්න බැරිබව මං
මූදු හතක් ඈතින් හිටියත් නුඹ
දැනෙන්නෙ නැහැ අප දුර බව නම්
ඔබ හිනැහෙන කොට අහස බලාගෙන
තරු කැට පවසයි මට රහසින්
කවියක් ලියන්න තරමට බැහැ සිත
එක තැනකට ගොනු කරගන්න
පුලුවන් තරමින් මම මේ ලිව්වේ
ඔබ නැති පාලුව දැනගන්න
ආයෙත් කවදා හරි එක දවසක
ආ විට එනු මැන හමුවෙන්න
එතකන් තනියට මා සිහි වෙන්නට
මගෙ තනිකම අරගෙන යන්න
Monday, December 14, 2015
දේදුන්නේ අයිතිය...
ලැබුන අසුරු සැනකින් නුඹ මා අමතනවා බලන්න...
සැප දුක, මා තුටින් නේද ඉන්නේ කියලා...
හදවත රැඳි දුක හංගා සනහස මුවගට කැන්දා..
මා සිත වැලපෙනවා නුඹෙ සිත සතුටින් තියලා...
හැඟුනද නුඹ දුකින් කියා මා කෙලෙසින් විමසන්නද...
මියුලැසියේ ඔබ ඉන්නේ දුකින් නොවෙද කියලා...
සිතුනත් නුඹ ගැන සොයන්න මගෙ කතාව කියා ගන්න...
බැරි හන්දා මා ඉන්නේ හදවත ගොලු කරලා...
සැප දුක, මා තුටින් නේද ඉන්නේ කියලා...
හදවත රැඳි දුක හංගා සනහස මුවගට කැන්දා..
මා සිත වැලපෙනවා නුඹෙ සිත සතුටින් තියලා...
හැඟුනද නුඹ දුකින් කියා මා කෙලෙසින් විමසන්නද...
මියුලැසියේ ඔබ ඉන්නේ දුකින් නොවෙද කියලා...
සිතුනත් නුඹ ගැන සොයන්න මගෙ කතාව කියා ගන්න...
බැරි හන්දා මා ඉන්නේ හදවත ගොලු කරලා...
දේදුන්නේ ලස්සන දැක සිතුනත් නතු කරගන්නට...
බැරි බව දැනෙනවා ඩිංගක් බැලුවම තතු සොයලා...
දේදුන්නේ අයිතිය සින්නක්කරවම පවර ගත්තු...
හිරු හිනැහෙනවා මා දෙස ඔච්චම් කර බලලා...
Saturday, November 28, 2015
නිවුනු සැනසීම...
කරපු හොඳ සහ නරක පොදි බැඳ..
අන් සියලු දේ හැර තියා...
යා යුතුයි අපි සැවොම දිනයක..
තවත් අම්බලමක් සොයා..
හිසකේ හදා හම රැලි මකා..
කෙරුවත් කොතෙක් පිරියම් කයේ..
හිසකේ හැලෙයි හම රැලි වැටෙයි..
නවතී දිනෙක ගැස්මත් ලයේ..
බිරිඳත් දුවත් හුරතල් පුතුත්...
තව හම්බ කල ධනයත් තියා...
කුසලත් පිනත් පමණක් අරන්..
යා යුතුය සසරේ මඟ සොයා..
අන් සියලු දේ හැර තියා...
යා යුතුයි අපි සැවොම දිනයක..
තවත් අම්බලමක් සොයා..
හිසකේ හදා හම රැලි මකා..
කෙරුවත් කොතෙක් පිරියම් කයේ..
හිසකේ හැලෙයි හම රැලි වැටෙයි..
නවතී දිනෙක ගැස්මත් ලයේ..
බිරිඳත් දුවත් හුරතල් පුතුත්...
තව හම්බ කල ධනයත් තියා...
කුසලත් පිනත් පමණක් අරන්..
යා යුතුය සසරේ මඟ සොයා..
හිත පිච්චෙමින් තන්හාවෙ ගින්දර..
ඇවිලෙනා හින්දාම...
භවයෙන් භවේ සංසාරයේ..
අපි සරනවා හැමදාම...
හැකි පමණකින් වඩමින් කුසල්...
වැලකී පවින් එහෙම..
පතනෙමු අපිත් මෙත් බුදුන් පාමුල..
නිවුනු සැනසීම...
Sunday, November 22, 2015
හැරගිය බිසව්...
පිදුරු ගහෙත් එල්ලෙන මිනිසෙකු වන්න..
පැදුර දිගැර තරු කැට ගැන ගැන ඉන්න..
බිසවුන් අතැර ගිය මැදුරක තනි වෙන්න..
තනිකම ඇවිත් මගෙ තනියට ලඟ ඉන්න..
උලලේනියත් වැලපුනු සීතල රෑක..
සඳ සාවියත් සඳ ඇසුරින් ගිය දාක...
නිකිනි මස ගෙවී කළුවර වැඩි මහක..
නිවසේ පහන නිවුනා මතකයි රෑක..
කෑලි කපන අඳුරින් එළියයි නිවස..
තනිකම සමඟ දොඩමලු වෙමි මුලු දවස..
මාහට නිවා ගන්නට සෙනෙහස් පවස..
ඉස්සර වගේ හමුවෙමු දොල ලඟ හවස..
කහට කෝප්පය මට හදලා දෙන්න..
ඇඳ ඉහ වාඩිවී හිස පිරිමදිමින් ඉන්න..
ගෙදරම පිරෙන්නට හිනැහී දුව පැන්න..
හිටියෙත් නුඹම පමණයි... මා හැර යන්න..
පැදුර දිගැර තරු කැට ගැන ගැන ඉන්න..
බිසවුන් අතැර ගිය මැදුරක තනි වෙන්න..
තනිකම ඇවිත් මගෙ තනියට ලඟ ඉන්න..
උලලේනියත් වැලපුනු සීතල රෑක..
සඳ සාවියත් සඳ ඇසුරින් ගිය දාක...
නිකිනි මස ගෙවී කළුවර වැඩි මහක..
නිවසේ පහන නිවුනා මතකයි රෑක..
කෑලි කපන අඳුරින් එළියයි නිවස..
තනිකම සමඟ දොඩමලු වෙමි මුලු දවස..
මාහට නිවා ගන්නට සෙනෙහස් පවස..
ඉස්සර වගේ හමුවෙමු දොල ලඟ හවස..
කහට කෝප්පය මට හදලා දෙන්න..
ඇඳ ඉහ වාඩිවී හිස පිරිමදිමින් ඉන්න..
ගෙදරම පිරෙන්නට හිනැහී දුව පැන්න..
හිටියෙත් නුඹම පමණයි... මා හැර යන්න..
Wednesday, November 18, 2015
සුදු සමනළයා
සීතල සුදු පාට කිම නුඹ තටු මත්තේ..
කවුරුද නුඹේ දේදුනු පැහැ අරගත්තේ...
දුක හින්දාද පාට සඟවාගෙන ඇත්තේ..
කපුරු මලක නුඹ හට මල් පැණි නැත්තේ..
කවුරුද නුඹේ දේදුනු පැහැ අරගත්තේ...
දුක හින්දාද පාට සඟවාගෙන ඇත්තේ..
කපුරු මලක නුඹ හට මල් පැණි නැත්තේ..
Subscribe to:
Posts (Atom)
