ගලා හැලෙන දිය ඇල්ලක සුන්දර බව කෙහෙරැල්ලේ
සෙනෙහස පිරි නුඹෙ සිනහව රැල්ලකි පිපෙනා වැල්ලේ
නුඹෙ දෙතොලේ පැහැය දුටිමි ලියලන පොඩි නා දල්ලේ
කෙලෙසක නම් නුඹේ මතක අමතක කරමි ද කෙල්ලේ
Wednesday, July 26, 2017
Thursday, July 20, 2017
ලද නොලද ජීවිතය
පොඩි ගේට්ටුව ඇරන්
පඩිපෙල නැගගෙන
මහ රෑට මහන්සිය
තට්ටු කල විට දොරට
අපිරිමිත සෙනෙහසින්
දොර ඇරන් සිනාසෙන
තේ එකක් හදන්නම්
ඔයා ඇඟ හෝදන්න
යන්තමින් මධුවිතක්
රස දැනෙයි හදවතට
මම කෑම හැදුවා
කෝ එන්න කවන්න
සයනයේ නුඹෙ සුවඳ
ලද නොලද ජීවිතය
පඩිපෙල නැගගෙන
මහ රෑට මහන්සිය
තට්ටු කල විට දොරට
අපිරිමිත සෙනෙහසින්
දොර ඇරන් සිනාසෙන
තේ එකක් හදන්නම්
ඔයා ඇඟ හෝදන්න
යන්තමින් මධුවිතක්
රස දැනෙයි හදවතට
මම කෑම හැදුවා
කෝ එන්න කවන්න
සයනයේ නුඹෙ සුවඳ
ලද නොලද ජීවිතය
නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක්
අහස කඩා වැටුනා වාගෙයි හිසට
සයුර ගලා හැලුනා වාහෙයි නෙතට
පරවුනු කුසුම් සහසක් පුදදී හදට
ඇයි නුඹ ගියේ වාවන්නේ නෑ හිතට
සයුර ගලා හැලුනා වාහෙයි නෙතට
පරවුනු කුසුම් සහසක් පුදදී හදට
ඇයි නුඹ ගියේ වාවන්නේ නෑ හිතට
සුන්දර මතක එක එක ගෙන එකතු කොට
ලස්සන සිහිනයක් මැවෙනව විටින් විට
මියැදෙනු නොදී ඒ සිහිනය සැබෑ කොට
එනු මැන බිසව් මා හදවත එකලු කොට
ලස්සන සිහිනයක් මැවෙනව විටින් විට
මියැදෙනු නොදී ඒ සිහිනය සැබෑ කොට
එනු මැන බිසව් මා හදවත එකලු කොට
ගෙවෙනා තත්පයර හෝරා අනන්තයක්
අපි පහු කලේ නිම නොවෙනා වසන්තයක්
නුඹ නම් මෙ මට මිහි පිට මැවු තුසීතයක්
නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක්
අපි පහු කලේ නිම නොවෙනා වසන්තයක්
නුඹ නම් මෙ මට මිහි පිට මැවු තුසීතයක්
නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක්
හුස්ම
පිට වෙන්නට කලින් මගෙ අවසන් හුස්ම
ආසයි අහන්නට නුඹෙ හදවත ගැස්ම
ගැහුනත් මගේ හදවත පැය තුන් තිස් ම
මා ජීවත් කලේ නුඹ ගෙන් ලද හුස්ම
ආසයි අහන්නට නුඹෙ හදවත ගැස්ම
ගැහුනත් මගේ හදවත පැය තුන් තිස් ම
මා ජීවත් කලේ නුඹ ගෙන් ලද හුස්ම
ගුලි කර අරන් හිරු සඳ තරු අත් මිටට
පනවන්නට හිතයි ගනඳුර මුලු ලොවට
කාලය නවත්වා හරවා පසුපසට
ආසයි එන්න දුවගෙන මට ඔබ ලඟට
පනවන්නට හිතයි ගනඳුර මුලු ලොවට
කාලය නවත්වා හරවා පසුපසට
ආසයි එන්න දුවගෙන මට ඔබ ලඟට
හිතට දැනෙන වේදනාව අකුරු කරන්
නුඹ ගැන නැගෙන සිතුවිලි නෙතු අගට අරන්
සුවපත් කරන්නට මා ඔබ ලඟට කරන්
එනතුරු බලමි පෙරමඟ මම දෑස් ඇරන්
නුඹ ගැන නැගෙන සිතුවිලි නෙතු අගට අරන්
සුවපත් කරන්නට මා ඔබ ලඟට කරන්
එනතුරු බලමි පෙරමඟ මම දෑස් ඇරන්
සිතුවිලි
දඟ කරන් හිත ගාව
හිනැහෙමින් නෙතු ගාව
ජීවිතය පැතුවාම
නෑ සිතුවෙ කිසි දිනෙක
හැර දමා යැයි මාව
හිනැහෙමින් නෙතු ගාව
ජීවිතය පැතුවාම
නෑ සිතුවෙ කිසි දිනෙක
හැර දමා යැයි මාව
මගෙ සුසුම් නුඹෙ වතේ
නුඹෙ සුවඳ මා ගතේ
පෙමින් හිනැහුනු නෙතේ
සිත් දෙකක් එක සිතක් වී
නමුත් අද නුඹ නැතේ
නුඹෙ සුවඳ මා ගතේ
පෙමින් හිනැහුනු නෙතේ
සිත් දෙකක් එක සිතක් වී
නමුත් අද නුඹ නැතේ
මියැදුනත් හිත මගේ
පිරි කඳුලු නෙතු අගේ
නුඹ හීනයක් වගේ
පුදුමයි අතැර ගිය හැටි
යලි නැගෙන් සඳ වගේ
පිරි කඳුලු නෙතු අගේ
නුඹ හීනයක් වගේ
පුදුමයි අතැර ගිය හැටි
යලි නැගෙන් සඳ වගේ
ගිම්හානයේ අකලට වට මුතු වරුසාවක්
ගිම්හානයේ අකලට වට මුතු වරුසාවක්
මැවූ දේදුන්න ඔබයි අහසේ
ජීවිතයම අද වෙනකොට කඳුලු කතාවක්
ගිහින් ඔබ මටත් හොරා රහසේ
මැවූ දේදුන්න ඔබයි අහසේ
ජීවිතයම අද වෙනකොට කඳුලු කතාවක්
ගිහින් ඔබ මටත් හොරා රහසේ
මරු කතරේ නිල්ල නැගුනු කෙම් බිමක් ලෙසින්
පවසට පැන් විලක් ම වූයේ
කෙලෙස හිතන්නද මා නුඹ මිරිඟුවක් වෙසින්
අරුත දිවියෙ නුඹමයි කීවේ
පවසට පැන් විලක් ම වූයේ
කෙලෙස හිතන්නද මා නුඹ මිරිඟුවක් වෙසින්
අරුත දිවියෙ නුඹමයි කීවේ
අඳුරු අහස් කුස එලිකල විදුලියක් වගේ
ජීවිතයට එලිය ගෙනාවේ
සත්තයි නුඹ සැබෑ නොවෙන හීනයක් වගේ
නින්දෙදි මා සමඟ හිනාවේ
ජීවිතයට එලිය ගෙනාවේ
සත්තයි නුඹ සැබෑ නොවෙන හීනයක් වගේ
නින්දෙදි මා සමඟ හිනාවේ
Monday, April 3, 2017
විඳීම්
ගිම්හානය ගෙවී එලැඹී වස්සානේ
පතොක් ගසක කටු මත පිපිලා හීනේ
නැවතුනු හදක් පිරිමැද ගෙන දී ප්රාණේ
ජීවත් වෙන්න අරුතක් නුඹ කීවානේ
තනිකම කැන්දාන පිල්කඩ මත හිඳුවා
මීවිත හැමදාම වැලපෙන හිත හැදුවා
මා ගැන කවුරු නැතුවත් ඉර හඳ බැලුවා
එලියට වඩා අඳුරට මම පෙම් කෙරුවා
පතොක් ගසක කටු මත පිපිලා හීනේ
නැවතුනු හදක් පිරිමැද ගෙන දී ප්රාණේ
ජීවත් වෙන්න අරුතක් නුඹ කීවානේ
තනිකම කැන්දාන පිල්කඩ මත හිඳුවා
මීවිත හැමදාම වැලපෙන හිත හැදුවා
මා ගැන කවුරු නැතුවත් ඉර හඳ බැලුවා
එලියට වඩා අඳුරට මම පෙම් කෙරුවා
අඩියෙන් අඩිය අත්වැල වී නැගිටින්න
තනිකම මකන්නට තනියට ලඟ ඉන්න
අඳුරට හැරුනු හදවත එලි කරවන්න
මීවිත කුමට නුඹ ඇති මට මත් වෙන්න
Subscribe to:
Posts (Atom)