නගරයටත් අවුරුදු ඇවිල්ලා...
කොහාට අමතක වුනු අවුරුද්දේ... යකඩ කටින් මුදලාලි කෑගසා පවසයි අවුරුදු ආ බව සතුටින්...
කැවිලි හදන්නට කරදර හන්දා... කැමති උනත් දන්නේ නැති හින්දා කඩෙන් අරන් එයි කැවිලි පිටින්...
ගමේ යන්න වියදම් යන හින්දා... අතේ කාසි දැන් ඉවරත් හන්දා අවුරුදු සමරයි නගරෙ ඉඳන්...
දුවල පුතාලා ඒ යැයි සිතලා... අරන් තියපු කජු ටික පුස්සාලා අම්ම හදයි රස කැවිලි ඉතින්....
ගමෙත් අවුරුදු....
කොහාට අමතක නෑ අවුරුදු බව එරබදු මල් පිපිලා හින්දා....
යකඩ කටේ සද්දෙට වැඩි සද්දයි උන බට වෙඩිල්ලේ වෙඩි සද්දා...
අත්තම්මා, අම්මා වට කරගෙන කැවිලි පුසුඹ ගමකට වද්දා...
නගරෙ උන්නු දූ පුතාල අවිදින් මව් පිය හට අවුරුදු කැන්දා....
No comments:
Post a Comment