ජීවිතය ක්ෂිතිජයේ මායිම්ටම ගෙනත් අත ඇරපුවාම..
සයුර කොයිබද අහස කොයිබද සොයා ගන්නට කියපුවාම..
දැනෙනවා අසරණ කමක්.. කවුරුවත් නැති තනි බවක්...
පාට දේදුනු මාවතක එක්කරන් ගෙනිහින් බෝ දුරක්...
හිරු කුමරු හැංගුවා ගානයි නොපෙනෙන්න යායුතු මඟක්...
මේ තරම් ජීවිතය අසරණ කරන්නට පුලුවන් උනේ..
අහසටත් පොලවටත් වැඩියෙන් බැඳි නිසා නොවෙදෝ සෙනේ..
නිමක් නැති ස්නේහයෙන් සුන්දර ලොවක් සිත්තම් කරපුවාම..
අකාලෙට වට වියෝගයෙ වරුසාව සිත්තම් බොඳ කලාම..
කොටු උනා ගානයි හීනයක නැති කිසිම මට හිමිකමක්...
දැනෙනවා අසරණ කමක්.. කවුරුවත් නැති තනි බවක්...
මුහුණට මුහුණ බලාන ඉන්න අහසයි පොලවයි හැමදාම තනිකමින්
ReplyDeleteඒ අහසත් පොලවත් අතර මැද ඉන්න අපි ගොදක් දෙනාත් එහෙමමයි...
Delete