සුදු පාට සාරියක් ඇන්දේ
ඒක පිලිවෙල නිසා වෙන්නැති
එහෙම නැතිනම් ඇගේ දිවියෙත්
පාට සේරම සේදිලා ඇති
ඔහුව දුටුවම පෙර පුරුද්දට
ඇගේ මුවගට සිනා එන්නැති
එහෙම නැතිනම් හිතේ දුක
නෙත් කෙවෙනි බොඳ කර ගලා යන්නැති
කූඩුවට පය තියන මොහොතේ
පෝරුවට නැගි හැටි දැනෙන්නැති
එදා මුදු පැලඳූව ඔහු අද
ඉදිරිපස කූඩුවේ ඉන්නැති
එදා දිවුරූ හැටි මතක් වී
හිතේ විශ්වාසය බිඳෙන්නැති
අදත් මම නුඹගේ පමණමයි
ලෙසින් ඇය දිවුරා කියන්නැති
වසන්තයෙ මල් එකින් එක ඇගෙ
දෙනෙත් අබියස පරව යන්නැති
ඔහු එදා පිදු සෙනෙහෙ නාමෙන්
ඔහුට යන්නට වරම් දෙන්නැති
No comments:
Post a Comment