ඉහත කතාවෙන් කියවෙන කරදරයක දී තමන් ගේ මිතුරන් අතහැරදා තමන්ගේ ආරක්ෂාව යහපත පමණක් සිතීම නොකල යුතුය යන ආදර්ශ පාඨය අදට උනත් කොච්චර වටිනවද.
මිතුරන් නම්,
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී
එක්ව වැඩ කිරීම, සාමුහිකත්වය, සහජීවනය, එකිනෙකා කෙරෙහි වන ආදරය සහ වර්තමානයේ ඉතා වැදගත් ලෙස සලකන කණ්ඩායම් හැඟීම ආදී සියල්ලක්ම වැදගත් කම ඉහත කතාවේදී අපට කියා දෙනවා නොවේද?
නමුත් මෙම කතාවේම අවසානය වෙනස් කරන ලද මුද්‍රණයක් සිංහල 2 පොතේ ඇතුලත් කරලා තියෙනවා. කතාවේ ආරම්භය එකමයි. අවසානයේ බිම නිදිය ගත්ත යාලුවා අනෙකාට පවසන්නේ "කල්පනාවෙන් වැඩ කල නිසා අපි දෙදෙනාම වලසාගෙන් බේරුනා නේද?" කියායි.
මුල් කතාවේ ඉදිරිපත් කරන පණිවුඩය වෙනස් කරන්නට ඇති අවශ්‍ය තාවය පැහැදිලි නැතිවා මෙන්ම මෙයින් කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් ම සපයා ගත යුතුය කියාද?
අද සමාජයේ බොහෝ දරුවන්ට අනුනට උපකාර කිරීම වෙනුවට තනිව ජීවත් වීමට, තනිව තම තමන් ගේ අවශ්‍යතා සපුරා ගැනීමට උනන්දු කරවීම එතරම් යහපත් දැයි නොදැනේ.
සැ.යු - වලසුන් මලකුණු ආහාරයට ගනු ලැබේ.
සිංහල 2 පොතේ කදිම උපාය පාඩම - http://www.edupub.gov.lk/Administrator/Sinhala/2/2/Chp%205.pdf
ආශ්‍රිත ග්‍රන්ථ - සහෘද සටහන් 2
වලසුන් මලකුණු ආහාරයට ගනු ලැබේ.
ReplyDeleteමේක පොඩි ළමයිට කියල දෙන්නෙ නෑ
ඕක කිව්වකියල අපේ අක්කගෙ හබියගෙ අක්ක මා එක්ක මරාගන්න ආව පොඩි උංව නරක් කරනවලු ඔලුකනවලු
මංද මට පිස්සු වගේ