Monday, September 7, 2015

(අ) වාසනාව....

ඇහැකි වුනොත් විකුණ ගන්න
ඔක්කොම වාසනා ගොන්න
එහෙම දාට රෑට වතුර
ඕනි නැහැ ගොඩක්

පුංචි උන්ට රහ බලන්න
කැවිලි ටිකක් අරන් යන්න
ගන්න මහතුනේ මගෙනුත්
වාසනා පතක්

පොඩි කෙලීට උගන්නන්න
පුතාව ටියුෂන් යවන්න
ඔබට වගේ මගේ හිතෙත්
හීන නම් ගොඩක්

Saturday, September 5, 2015

ප්‍රදර්ශන කාමය..

සඳෙහි මුළු රැස් දහර
උරාගත් බඳු දළ රළ
හිස් ගුවන වෙත පැන නැග
උදම් වී නගන මහ ගොස

අසනු නොරිසිව එන කල
මහත් සඳවතෙහි අසිරිය
අනත් සඳ රැසෙහි ඉමිහිර
රැගත් ඒ නිහඩ පිණිබිඳ
සීතල පතෙක පතිතව
සෙමෙන් වියැකෙයි රහසින

ඉහත කවිය නන්දන වීරසිංහ කවියා විසින් පබඳින ලද්දකි.

අති මහත් වූ සඳෙහි රැස් දහර මුලු මුනින්ම උරා ගත්තේ යැයි සතුටු වෙමින් හිස් අහසට පැන නගිමින් ශබ්ද කරන මුහුදු රලෙහි පාරම් බෑම අසනු නොරිසිය. නමුත් එතරම් ම වූ සඳ රැසෙහි අසිරියත් අනන්ත වූ මිහිරත් දෙකම කැටිකොට ගත් පිණි බිංදුව සීතල පත්‍රයක් මත පතිතවී නිහඩවම සෙමින් නැතිවී සැඟවී යයි.

Friday, September 4, 2015

රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ප්‍රථම කවිය...

රත්න ශ්‍රී විජේසිංහයන්ට කවි ලියන්නට ගීතාංජලී කවි පත්‍රයද හේතූ වූවා විය හැක. එහි මුල් පිටුවේ චිත්‍ර පාදක කර ගනිමින් ඔහුට යන්තම් වයස අවුරුදු 14 වනවිට ලියූ පහත කවිපෙල තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලදී. ඔහුට රුපියල් 25 ක තෑගි මුදලක් ද ලැබුණි. මෙය ඔහුගේ නමින් පලවූ පලමු නිර්මාණය වීමද විශේෂයකි.

මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගත
බොල් මුතුපට ගෙලෙහි, හිල් කූඩයෙහි අත
කොල්ලෑවට නැගී පෑවත් සිනහ වත
කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත

Thursday, September 3, 2015

මතක ආකාසයේ...

මතක ආකාසයේ
දුකත් සතුටත් අරන්
වලාකුළු ඇදෙනවා
සුදුත් අව පැහැ දරන්


හිතේ දුක වැඩි උනොත්
දරන්නට බැරි තරන්
වැහි කඳුළු වැටෙනවා
මිහිකතම තෙත් කරන්

ඒ බවක් නොදන්නා
නුඹ පුංචි ඔරු හදන්
මගෙ කඳුළු ගංගාව
සෙල්ලමට ම අරන්

අතීතය අනාවක
එක ලඟට ලං කරන්
බැලුවාම දැනෙන්නේ
ජීවිතෙත් හොරු අරන්

Sunday, August 30, 2015

අපේ රට...

"තමන් විසින් ම මසාගත් ලොම් කබායකින් සැරසුණු 'ඉන්කමල්අපායි' ගුරුතුමිය සීතලයෙන් වෙවුලමින්, ළමුන්ට ඉන්දු සයුරේ පිහිටි ලංකාව නම් සුන්දර දිවයින ගැන කියා දුන්නාය. ලෝක සිතියමේ ලංකාව දිස්වූයේ ඉන්දියාව නැමති තන බුරුල්ල අග ඇඳුනු කිරි බිංදුවක් ලෙසිනි. ඒත් ගුරුතුමියගේ විස්තරය අනුව නම් එහි නැති දෙයක් ගැන සිතීම උගහටය. වඳුරන්, අලින්, කෙසෙල්ගෙඩි, ලෝකයේ ඉස්තරම් ම තේ,කෙලවරක් නැති ගස් කොලං, පළතුරු. ඒත් සියල්ලටම වඩා පුදුම ලංකාවේ දේශගුණයයි.  

ලංකාව කොච්චර උණුසුම් ද? වෙව්ලනවා යැති කියන්නේ කුමක් දැයි නොදැන එහෙ මුලු අවුරුද්දම ජීවත් වෙන්න පුලුවන්. හිම සපත්තු, හිම කබා, දර ඒ රටේ ජීවත් වෙන්න ඕනෑ නැහැ.එහි ජීවත් වෙන්නට තණබිම්වලට ගොස් ගොමරිටි එකතු කරගෙන ඒමට හෝ පිට රිදෙන තෙක් දර උසුලාගෙන ඒමට සිද්ධවෙන්නෙත් නෑ. 

අන්න ඒ රටේ ජීවත් වෙන ලැබුනා නම් ජීවිතය වටිනවා. තමන් කැමති දෙසකට යන්න පුලුවන්. කැමති විදියට හිරු එලිය නාන්න...අව් රස්නය වැඩිනම් හෙවණකට වෙලා ගිමන් අරින්න...අන්න ඒ රටේ ජීවත් වෙන ලැබුනා නම් ජීවිතය වටිනවා"

--චින්ගීස් අයිත්මාතව් (Chinghiz Aitmatov) විසින් රචිත Cranes Fly Early  කෘතියෙන් උපුටා ගැනීමක් රත්න ශ්‍රී විජෙසිංහයන් විසින් පරිවර්තනය කරන ලදී 


Friday, August 28, 2015

අපිත් ගියා..

අපිත් ගියා..

ආචාර්‍ය ජයලත් මනෝරත්න ශූරීන් ගේ 'සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය' කෘතිය දොරට වැඩීමේ උත්සවය පසුගිය 27 වෙනිදා සෞන්දර්ය සහ කළා විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. මේ එම උත්සවයේ අවස්ථා කීපයක්.

මෙය හුදෙක් පොතක් දොරට වැඩීමේ උත්සවයක් නොවී විචිත්‍රවත් උලෙලක් විය. මහාචාර්ය කෝලිත භානු දිසානායක උත්සවයේ ප්‍රථම අංගය ඉදිරිපත් කරමින්































Tuesday, August 25, 2015

වැලපිල්ල..

කුකුලාපොළ කිරි අම්මේ සමාවෙයන් මට
අහසින් බැස ගිය ගානයි සඳ තරු එකවිට
සඳට කොයින්දෝ එලියක් හිරු නැති අහසට
හද වාසල දොරටු අගුලු විවරයි නුඹ හට