Sunday, August 30, 2015

අපේ රට...

"තමන් විසින් ම මසාගත් ලොම් කබායකින් සැරසුණු 'ඉන්කමල්අපායි' ගුරුතුමිය සීතලයෙන් වෙවුලමින්, ළමුන්ට ඉන්දු සයුරේ පිහිටි ලංකාව නම් සුන්දර දිවයින ගැන කියා දුන්නාය. ලෝක සිතියමේ ලංකාව දිස්වූයේ ඉන්දියාව නැමති තන බුරුල්ල අග ඇඳුනු කිරි බිංදුවක් ලෙසිනි. ඒත් ගුරුතුමියගේ විස්තරය අනුව නම් එහි නැති දෙයක් ගැන සිතීම උගහටය. වඳුරන්, අලින්, කෙසෙල්ගෙඩි, ලෝකයේ ඉස්තරම් ම තේ,කෙලවරක් නැති ගස් කොලං, පළතුරු. ඒත් සියල්ලටම වඩා පුදුම ලංකාවේ දේශගුණයයි.  

ලංකාව කොච්චර උණුසුම් ද? වෙව්ලනවා යැති කියන්නේ කුමක් දැයි නොදැන එහෙ මුලු අවුරුද්දම ජීවත් වෙන්න පුලුවන්. හිම සපත්තු, හිම කබා, දර ඒ රටේ ජීවත් වෙන්න ඕනෑ නැහැ.එහි ජීවත් වෙන්නට තණබිම්වලට ගොස් ගොමරිටි එකතු කරගෙන ඒමට හෝ පිට රිදෙන තෙක් දර උසුලාගෙන ඒමට සිද්ධවෙන්නෙත් නෑ. 

අන්න ඒ රටේ ජීවත් වෙන ලැබුනා නම් ජීවිතය වටිනවා. තමන් කැමති දෙසකට යන්න පුලුවන්. කැමති විදියට හිරු එලිය නාන්න...අව් රස්නය වැඩිනම් හෙවණකට වෙලා ගිමන් අරින්න...අන්න ඒ රටේ ජීවත් වෙන ලැබුනා නම් ජීවිතය වටිනවා"

--චින්ගීස් අයිත්මාතව් (Chinghiz Aitmatov) විසින් රචිත Cranes Fly Early  කෘතියෙන් උපුටා ගැනීමක් රත්න ශ්‍රී විජෙසිංහයන් විසින් පරිවර්තනය කරන ලදී 


1 comment:

  1. එත් අපේ ගුරුතුමියක් වෙන රටක් දිහා බලන්නේ, කියලා දෙන්නේ වෙනස් විදිහට....... ඉස්සරනම් අපේ රටට ආදරේ වෙන විදිහට දැන් නම් ඒක අඩුවෙලා යනවා වගේ........

    ReplyDelete