ස්නේහයෙන් විකසිතව පන්හිඳ මතුකලා සුන්දර කවක්..
ඒ සොඳුරු පද ගැලපුනේ නුඹ සිටි නිසා වී පුර සඳක්..
අමාවක නුඹමය කියා මා කෙලෙස අදහන්නද ප්‍රියේ..
අපේ සිහිනය මටත් නොකියා කොහෙද ඔබ අරගෙන ගියේ..
අතීතය සිහිනයක් වෙන්නැති නුඹට නම් අමතකවැතී..
එය මගේ ජීවිතය හන්දා අවදි වන්නට සිත නැතී...
ප්‍රේමයේ වෙන්දේසියේ ලංසුවට වත්කම මදි කියා..
ඔබේ සිත පමණක් නෝවේ ඔබ මගෙ සිතත් අරගෙන ගියා..
ආයෙමත් මතු භවයකදි අප හමුවෙන්න ඉඩ කඩ ඇතී...
එසේ හමුවූවොතින් යලි වෙන් නොවන්නට ගිවිසමු අපී..
ජීවිතයෙ සුන්දර සියලු දේ ඔබට හිමිවේවා ප්‍රියේ..
පුංචි තරුවක් ලෙසින් ඔබ දෙස බලමි ඔබ පුන් සඳ රැයේ..
No comments:
Post a Comment