Thursday, July 30, 2015

ලොවෙන් උතුම් ලඳ යසෝදරා...




කුමරුනි ඔබ මා අතැර ගියා නොව..
ඒ බැව් මම හොඳ හැටි දනිමී..
ජාති ජාති මුව ලෙහෙන කුලේ සිට..
ඔබගේ සෙනෙහසම මම විඳිමී..


මල් ඇතිරූ රන්  යහනේ ඔබ පුතු..
තුරුලු කරන් සැතපෙනු දැකලා..
ලොවෙන් උතුම් ලඳ යසෝදරාවෙනි..
ඔබෙ ගුන මගෙ නෙතු සසල කලා..

සඳේ ලප ලෙස ඔබේ මෙහෙසුන්..
වෙමින් ආවෙමි හිමියනේ..
මෙතේ නිවනින් සැනසෙනා තුරු..
ඔබ මගේමයි කුමරුනේ..

සුපුන් සඳක හැංගී හිඳිනා රන්..
තරුවක් සේ මා පුතු පෙනුනා..
රුවින් උතුම් රුව යසෝදරා ඔබ..
හැර යන්නේ කෙලෙසද සිතුනා..

දැනෙන සියලුම වේදනාවන්..
දුකත් තනිකම සිත දරා..
මමත් සීලය රකිමි හිමියනි..
ඔබ මෙන්ම කම් සැප වරා..

සියලු දුක් සහ වේදනාවන්..
නිමා කර සැනසුම සොයා..
එයින් ඔබෙ සිත නිවා ලන්නට..
එමි දිනෙක මම ඔබ සොයා..

2 comments:

  1. ලස්සනයි. පෝය දවසට ගැලපෙනම කවි කතාවක්.

    අහල තියේද දිවුල්ගනේ ගෙ සිංදුවක් තියේ.

    නෑර එකක් කඳුලැලි අහුලා
    පාර අසාගෙන සසර පුරා
    මා හා ආ ඔබ අතහැර මේ ලෙස
    ආවෙමි මම දුරු කතර බලා
    දනිමි හැදින්නෙමි යසෝදරා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්. ඔව් මම අහල තියනව. ලස්සන සිංදුවක්. හැබැයි එකෙ අර්ථය නම් මීට වඩා ටිකක් වෙනස් නේද? අපේ කාලයේ තාත්ත කෙනෙක් මැදපෙරදිග ගිහින් දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්. ඔහුගෙ බිරිඳ තමයි ඔහුට යසෝදරාව. මේක ඇත්තටම මම එහෙම සැඟවුනු අරුතකින් ලියපු එකක් නෙමේ. මම මේ ලඟදි 'යසොදරාවත' කියෙව්ව. හරිම ලස්සනයි. ඒක පාදක කරගෙන තමයි කවිය ලිව්වෙ. තවදෙයක් මට තෙරුනා. ඒ තමයි ගොඩක් සින්දු වලට පද කොටස් මේ යසෝදරාවතින් අරන් තියනවා කියන එක.

      Delete