ඔබ සිතේ මා හැර කෙනෙක් නැති බවත් මගෙ මතකයෙ තියේ..
අපේ සුන්දර මතක සේරම මෙසේ කවියක පද ලෙසින්...
ලියමි මා නෙත් පියෙන තුරු මම, කියවන්න ඔබ සෙනෙහසින්...
ඔබට හිරු පායන වෙලාවට හිරු අතේ පණිවුඩ තියා...
උදෑසන පිපි මලක පෙති මත හිරු තියයි ඒවා ලියා....
සඳේ සාවිය ලඟට කැන්දා හිතේ ඇති සේරම කියා..
බල ඉන්නම් හැමදාම මම වඩින තුරු සඳ මා සොයා...
නුඹෙ සුසුම් සුවඳත් අරන් මද නල අවුත් මා වට වෙලී...
කියනවා මට හඬන හැටි නුඹ මා මෙන්ම දුක තුල ගිලී...
අනාගතයේ කෙදින හෝ ඔබ ආවොතින් මා වෙත ප්‍රියේ....
කතරකදි කෙම් බිමක් හිමිවූ ලෙසින් සිත සැනසී තියේ...
හුඟ දවසකින් නේහ්...
ReplyDeleteආපහු එයි ඔය කියන කෙනා අලේ... සමහර විට නැතිවත් වෙන්න පුලුවන්..
එයා පතාගන ආව විදියට ඔතාගන ගියාද කවුද දන්නෙ...
හිහි
අපූරුයි කවිය නං