වලාකුළක හැංගී සිටි හිමකර හොරෙන් ඉඟි කරයි ම දෙස බලා...
අපේ සබඳකම් දැනිලද මන්දා උණ පඳුරත් ඔච්චම් කලා...
කණාමැදිරි එළි දිලි දිලි නිවෙමින් මගෙ ලඟ තනියට නැවතිලා..
මා පමනක් නොව නුඹත් අවදියෙන් බව මට මදනළ ඉඟි කලා....
මේ තරමට නම් නැහ කවදාවත් මගෙ සිත චංචල වී ප්‍රියේ...
නුඹ නැති පාලුව තරු පිරි අහසක සඳ නැතිවා මෙනි මුලු රැයේ..
පින්කර මදිදෝ මන්දා සසරේ විඳින්න අනන්ත පෙම ඔබේ..
මතු භවයේ නොව ලඟදිම දිනයක පවසනු වෙන බව ඔබ මගේ..
සිතන්න මිහිරියෙ මේ ලෙස දෙතැනක ඇයි අපි විඳවන්නේ කියා..
පුලුවනි අපහට වෙනස් කරන්නට යලි අපගේ දෛවය ලියා...
කියවා මෙය ඔබ තව එක සුසුමක් පමනක් හෙලමින් නොනැවතී...
කාලය මිතුරුයි තවමත් අප හා අප අපගේමයි හිතවතී...
ලස්සනයි
ReplyDelete