Saturday, November 14, 2015

මධු සමය ගෙවා ජීවිතය සොයා...

මධු සමය ගෙවා.. ජීවිතය සොයා.. යන..
නුඹ මට ඈතද.. කොයි තරම්...
තනිකම අවුදින් තනි රකින මගේ සිත..
අසරණ වූ හැටි මේ තරම්...

නුඹ හිනැහුනු හසරැලි මද නලේ..
මට ඇවිදින් ඇයි ඔච්චම් කලේ...//
මගෙ සුසුමන් හැංගුව වා තලේ..
කලු වළා නෙතු කඳුළු බිහි කලේ..

අද දවස ගෙවා.. හෙට හිරු පායන තුරු..
සිතුවිලි නිද්‍රාවට යවා..//
මා ඔබට මගේ මුලු දිවිය පවරමී...
එන්න මීවිත මා සොයා...

Monday, November 9, 2015

බාහුං සහස්ස මභිනිම්.. මිත සායුධං තං...

පෝරුවෙ පුන් කළස් කඳුලින් පිරුනා ද...
මා නැති අඩුව පිරිවර මැද දැනුනා ද...
කාලය නපුරු වී ඇති සැටි හැඟුනා ද...
දෙතොලින් හිනැහුනත් සිත දුක රැඳුනා ද...

රන් හුය යදම් බැඳි අතැඟිලි රිදෙන්නැති...
දිවියේ සතුට හද දොරගුලු දමන්නැති...
සිහිනෙන් වගේ මංගල ගී ඇසෙන්නැති...
නෙතු නොහැඬුවත් සිත සදහට මියෙන්නැති...

බාදක දුක් සුසුම් සතුටින් දරාගෙන...
ඔහු හා හිනැහෙන්න පැතුමන් පුරෝගෙන...
පුලුවන් උනත් නොවුනත් හිත හදාගෙන...
අපි ඉමු අපි ලඟින් සෙනෙහස දරාගෙන...

Tuesday, November 3, 2015

ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ..

වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ..
පොලවේ සිමෙන්තියෙ තෙත දෙපයට තේරේ..
අඩක් පිරුනු කුස ගින්දර නොම නෑරේ..
ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ..

සේදුව එකම ඩෙනිමත් තවමත් තෙතය..
කමිස තුනේ මුල් පැහැ මට අමතකය..
කොතරම් ප්‍රශ්ණ විසඳූවත් ගණිතමය..
විසඳුම් නොමැති ගැටලුව දුප්පත් කමය..

සුදුමැලි දෑස් තුල ඇඟ ලේ මදි හන්දා..
කලුපැහැ වෙලා ඇස් යට නිදි නැති හන්දා..
සඳ හැර ගියෙත් මම තරුවක් වුනු හන්දා..
දිනයක් තියේ අපිටත් අරුණළු කැන්දා..

Saturday, October 3, 2015

තාත්තා අහිමි දූ...

නිදි කුමරිය අවුදින් මගෙ නෙතු හෙමිහිට වහනවා
අම්මා ලඟ වාඩිවෙලා මගෙ හිස අතගානවා
වෙර වීරිය යොදාන මම ඇහිපිල්ලන් ගහනවා
බරට තියන නුඹෙ පියවර හඬ මගෙ හිත අහනවා

අත්පසුරින් සෙනෙහස ගුලි කරන් ඇවිත් මට දෙන
වටිනව පියානනි ලබුනට වැඩියෙන් රන් මුතු මින
නුඹගේ දහඩියේ සුවඳින් මගෙ සිත පුබුදාලන
ඔබෙ සෙනෙහසේ අග මුල මම තවමත් නැහැ දැනගෙන

පිංතූරයක හිටියත් නුඹ හිනැහී හැමදාම
මගෙ හිත හඬනවා සිතමින් නුඹ ගැන මුලු රෑම
ජයමංගල ගීත කියා අවසන් වූවාම
පෝරු මස්තකෙන් අඩියක් තියන්නෙ මම කෝම

Monday, September 14, 2015

අවපස ගෙවී වඩිනා විට පුර නලුව

අවපස ගෙවී වඩිනා විට පුර නලුව
අමතක වී ද මන්දා රැඳි තනි තරුව
දැනිලා කලෙක නුඹටත් බිනරෙහි කලුව
මියැදී තියේවි ද සොයනා විට තරුව

හඬනා විට දි දුක නෙත් කෙවිනි බොඳ කර
හසරැලි නැතත් වැලපුම නුඹෙන් මග හැර
අත්පසුරින් ම තුරුලට ලංකර නොහැර
පුදුමයි හැර ගියා සාවිය සඳ ඇසුර

රන්දා නුඹෙ සුවඳ මද නල හමා එතී
නුඹෙ හසරැල්ල දොල පාරේ ගලා යතී
මගෙ තනි කමට නම් අපෙ මතකයන් වෙතී
ජීවත් වෙන්න මට ඒ හොඳටෝම ඇතී


Saturday, September 12, 2015

පොහොසත් ප්‍රේමය

හැංගුන වෙලාවක හෙවනැල්ලත් මගෙ ම
දුටුවෙමි සමනලෙකු සමඟින් තම කුසුම
අපමන සෙනෙහසින් ඇගෙ නලලත සිඹින
පොතකින් පවන් සලමින් ඇය සෙනෙහසින

ඇගෙ සිත දුකින් මුදවා ලන්නද මන්දා
ඔහු අත දමා ඇගෙ ගෙල පාලුව බින්දා
කරගැට පිපුනු හිමිගේ අත රළු හින්දා
නොරිදෙන ලෙසින් ඇය හදවත පිරිමැද්දා

හිරු එලියවත් නොවැටෙන කලුවර රියක
හිරිගඩු පිපෙන හීතල ඇති දහවලක
රොන්සුනු විඳින බඹරෙකු දේදුනු මලෙක
දුටු සමනලය රහසක් පවසයි මලට

Thursday, September 10, 2015

තනිකම

කවුරුවත් නැති ජීවිතයකට
කවුරුහරි...