Thursday, July 30, 2015

ලොවෙන් උතුම් ලඳ යසෝදරා...




කුමරුනි ඔබ මා අතැර ගියා නොව..
ඒ බැව් මම හොඳ හැටි දනිමී..
ජාති ජාති මුව ලෙහෙන කුලේ සිට..
ඔබගේ සෙනෙහසම මම විඳිමී..

Thursday, July 23, 2015

ඔබ නැති ලොවත් සඳ නැති අහසකි රෑට...
















තනිකම ඇවිත් මගෙ තනිකම මකන්නට..
එන්න ද අහනවා පිල පැන දොරකඩට..
තාමත් ඔහේ තාවර වෙන මගෙ හිතට..
කීවට අහන්නෑ "කවුරුත් නැහැ නුඹට"...

Wednesday, July 8, 2015

ඔබේ සිනහව...













ඔබේ සිනහව මැවේ සිත තුල ගෙනේ මට ආමිස සුවේ...
නිමක් නොමැතිව රඟන නෙතු යුග පරදවයි තරු කැට රැයේ...
මද නලත් මත් වීද මන්දා කෙලිදෙලෙන් ඔබෙ කෙහෙ රැලේ...
දෙතොල් පෙති විකසිතව අමරස දහර සවනත තෙත් කලේ...

Saturday, July 4, 2015

පුංචි තරුවක් ලෙසින් ඔබ දෙස බලමි.. ඔබ පුන් සඳ රැයේ..


















ස්නේහයෙන් විකසිතව පන්හිඳ මතුකලා සුන්දර කවක්..
ඒ සොඳුරු පද ගැලපුනේ නුඹ සිටි නිසා වී පුර සඳක්..

අමාවක නුඹමය කියා මා කෙලෙස අදහන්නද ප්‍රියේ..
අපේ සිහිනය මටත් නොකියා කොහෙද ඔබ අරගෙන ගියේ..

Wednesday, July 1, 2015

වැවකින් වතුර යන ගානයි පිටවානේ...















වැවකින් වතුර යන ගානයි පිටවානේ...
මටවත් මගේ නෙතු යුග අවනත නැහැනේ..
සෙවනැලි හොයනවා වාගෙයි තරු පානේ..
මා දුක් වන තරම් නුඹ දන්නේ නැහැනේ..

Thursday, June 18, 2015

ජීවිතය සහ තනිකම...















ජීවිතය ක්ෂිතිජයේ මායිම්ටම ගෙනත් අත ඇරපුවාම..
සයුර කොයිබද අහස කොයිබද සොයා ගන්නට කියපුවාම..

දැනෙනවා අසරණ කමක්.. කවුරුවත් නැති තනි බවක්...

Wednesday, May 20, 2015

තරු එලියෙන් පාර හොයන්..











තරු එලියෙන් පාර හොයන්..
රෑ බෝවී මම එනකොට..
සියුමැලියේ නුඹෙ සිනාව සඳක් වටිනවා...