අද වෙන තුරුම ආ මග නොමග ද මන්දා..
මා පෙම් කලේ ඔබ මට පෙම් කල හන්දා..
දමයන්තිය ලෙසින් ඔබ ගැන සිත් බන්දා..
ඔබ ගොස් දුරක මා මෙහි තනිවම රන්දා..
සක්වා ලිහිණි සේ ජීවිත ගෙවන්නද..
වෙසතුරු ලෙසින් මා නුඹ අත හරින්නද..
දිඹුල් මලක බඹරිඳු වී සරන්නද..
මිරිඟු දියෙන් පවසට පැන් පතන්නද..
විඳි සොම්නසත් දුක එක ලෙස දරාගෙන..
උන්නා නොවෙද අපි සනහස පුරෝගෙන..
රණ හසු උවත් කාලය යන ගෙවීගෙන..
මල බඳිනවා වාගේ පය වෙලාගෙන...
Monday, August 24, 2015
ලස්සන කවි කීපයක් ඇහින්දෙමි....
පසුගිය පත්තර අතර සැරි සරද්දී අප ආදරණීය රත්න ශ්රී විජේසිංහ විසින් 1985 වසරේ ඔහු විසින් රචිත 'වස්සානේ' නම් කාව්ය සංග්රහයේ ඇතුලත් පහත කවිය ම සිත බැඳුනි.
අජානේය ඉස්කූටර තුරඟු පිට..
නැගී වාත වේගෙන් ඉගිළෙන කලට..
බදා හිමි දෙවුර ඉස්සී බලන විට..
වැටේ දැයි කිරුළ සිතුණි ය බිසවුන්ට..
පසු කලෙක මෙයින් ගීතයක් පවා බිහිවිය. ඔහු තමන්ගේ 'වස්සානේ' කෘතිය තම ආදරණීය බිරිඳ වන හේමමාලී ට පුද කරන්නේ පහත කවි පද පෙලිනි.
අජානේය ඉස්කූටර තුරඟු පිට..
නැගී වාත වේගෙන් ඉගිළෙන කලට..
බදා හිමි දෙවුර ඉස්සී බලන විට..
වැටේ දැයි කිරුළ සිතුණි ය බිසවුන්ට..
පසු කලෙක මෙයින් ගීතයක් පවා බිහිවිය. ඔහු තමන්ගේ 'වස්සානේ' කෘතිය තම ආදරණීය බිරිඳ වන හේමමාලී ට පුද කරන්නේ පහත කවි පද පෙලිනි.
Sunday, August 23, 2015
සරුංගලේ...
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ..
මේ සරුංගල් වාරෙ නිසා අපේ නගරෙ දරුවොත් පුලු පුලුවන් විදිහට පාසැල් නිවාඩුවෙ සරුංගලයක් යවන්න හදනව මම දැක්කෙ අද හවස මොරටුවෙදි. මේ දරුව ඉන්නෙ තට්ටු තුනක ගොඩනැගිල්ලක ඉහල. සරුංගලේ වලිගෙ ගොඩක් දිග නිසා මෙයා දුවගෙන එනකොට ඒක කොහේ හරි පැටලෙනව. ඉතින් ආපහු සෙල්ලම මුල ඉඳන්.. නමුත් පොඩි එකා උත්සහය අත අරින්න කල්පනාවකුත් නැහැ. කොම්පියුටර් එක්ක විතරක් ජීවත් වෙන සමහර දරුවොත් එක්ක බැලුවම මේ දරුවො ඊට වඩා සාරවත් කියල හිතෙනව...
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ..
මේ සරුංගල් වාරෙ නිසා අපේ නගරෙ දරුවොත් පුලු පුලුවන් විදිහට පාසැල් නිවාඩුවෙ සරුංගලයක් යවන්න හදනව මම දැක්කෙ අද හවස මොරටුවෙදි. මේ දරුව ඉන්නෙ තට්ටු තුනක ගොඩනැගිල්ලක ඉහල. සරුංගලේ වලිගෙ ගොඩක් දිග නිසා මෙයා දුවගෙන එනකොට ඒක කොහේ හරි පැටලෙනව. ඉතින් ආපහු සෙල්ලම මුල ඉඳන්.. නමුත් පොඩි එකා උත්සහය අත අරින්න කල්පනාවකුත් නැහැ. කොම්පියුටර් එක්ක විතරක් ජීවත් වෙන සමහර දරුවොත් එක්ක බැලුවම මේ දරුවො ඊට වඩා සාරවත් කියල හිතෙනව...
Saturday, August 22, 2015
බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ..
බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ
දෙනි පෙත හඬන හිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටු වග නොම හැඟුනාවේ
මා නැතිදා උන්නු සුවඳක් දැනුණාවේ
ඉහත කවි පද පෙළ බොහෝ දෙනෙක් විවිධ අර්ථ ගැන්වීම සහිතව යොදාගන්නා සුන්දර කවි පෙලක්. මේ කවියෙන් තමයි පරසතු මල් චිත්රපටය අවසන් වෙන්නේ.
ගම්පහ හග්ගල්ල ගමේ පී. කේ. ඩී. සෙනෙවිරත්න උපත ලබන්නේ 1917 මැයි 17 වන දාය. ඔහු ගුරුවරයෙකි, දක්ෂ කවියෙකි, ගුවන් විදුලි නාට්ය රචකයෙකි, ලේඛකයෙකි, චිත්රපටි තිර රචකයෙකි, මානව හිතවාදියෙකි. ඔහු විසින් සරසවිය, නවයුගය ආදී පුවත්පත් වලට ද, මී වදය, සුවඳ, දේදුන්න වැනි සඟාවලට ද කවි රචනා කරන ලදී. ගංගා කුමරි, අත්තනගලු නදී කාව්යය, දිට්ඨ මංගලිකා, ගම්බද සුන්දරී, උන්මාද චිත්රා ඔහු විසින් රචනා කරන ලද කවි පොත් කීපයක්. එමිලි බ්රොන්ටේ ගේ ‘වදරින් හයිට්ස්’ නමැති ලෝක ප්රකට නවකතාව ‘උරුම ලද්දෝ’ යන නමින් සෙනෙවිරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරන්නටද යෙදුනේය.
Monday, August 10, 2015
කවිකාර රජවරු සහ කවි මඩු
ලාංකීය කවියෙහි ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන කොට්ටේ යුගයෙන් පස්සෙ යම් තරමකට හරි කවිය නැවත ඉදිරියට ආවෙ මහනුවර යුගයේ දී. මේකට ප්රධාන හේතුවක් වුනේ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ භාෂා දැනුම කිව්වොත් වරදක් නැහැ. නායක්කර් වංශික කීර්ති ශ්රී රාජසිංහ රජතුමා ගෙන් පසු රජ වූ නායක්කර් වංශික රාජාධි රාජසිංහ රජතුමා දක්ෂ කවියෙක්. ක්රි. ව. 1780 දී රජකමට පත් වු මෙතුමා මහනුවර රාජධානිය කරගෙන් අවුරුදු 18 රාජ්ය කලා.
රාජාධි රාජසිංහ රජතුමාගේ ගුරුවරයා වුනේ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ. උන් වහන්සේත් බොහොම දක්ෂ කවියෙක්. මේ අතර රජතුමාට කටකතාවක් ආරංචි වෙනවා, මල් වතු වෙහෙර වෙසෙන හාමුදුරුවො එක්ක යමිකිසි කාන්තාවක් සම්බන්ධ කමක් පවත්වන බවත් රාත්රී කාලයෙහි පන්සලට යන බවත්. දවසක් රජතුමා මේකෙ ඇත්ත නැත්ත සොයන්න හිතල ගැහැණියක් වහේ වෙස් වලා ගෙන රෑ තෙරුන් වහන්සේ සැතපී සිටිය කුටියේ කවුළුව ලඟට ඇවිල්ලා අතෙහි වළලු සොලවන්නට ගත්තා. වළලු හඬ අසා අවදිවූ මොරතොට හාමුදුරුවො කාරණය අවබෝධ කරගෙන සිය යහන මත වැඩහිඳ මෙන්න මෙහෙම කවියක් කිව්ව,
ලකල මුව තඹර සිය ගත සිවු මැ ලියේ
ඇසල මස දුටිමි යනවා දෙව් කෙ ළියේ
අසල ක නම් දැක - දැක ඉන්ටත් ති ලියේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ
Sunday, August 9, 2015
සිත සිත්තම් කර ලියන්න..
සිත සිත්තම් කර ලියන්න..
එලි වැටකට පද තියන්න..
මේ තරමට හිත සුන්දර වී නැහැ කවදාවත්..
මල් මත වට පිනි බලන්න..
රෑහි ගීත අහන් ඉන්න..
කොහොමද හිත පුරුදු උනේ තාමත් රහසක්...
දේදුන්නේ පාට අරන් පීදෙන නෙක මල් අතරේ..
බිම් මල් කොයි තරම් හැඩ ද කියා හැඟෙනවා..
නෙක විසිතුරු පාට පාට අරුමෝසම් පැලඳි ලොවක..
පාට නැතත් ඔබෙ සුන්දර බව වැටහෙනවා..
එලි වැටකට පද තියන්න..
මේ තරමට හිත සුන්දර වී නැහැ කවදාවත්..
මල් මත වට පිනි බලන්න..
රෑහි ගීත අහන් ඉන්න..
කොහොමද හිත පුරුදු උනේ තාමත් රහසක්...
දේදුන්නේ පාට අරන් පීදෙන නෙක මල් අතරේ..
බිම් මල් කොයි තරම් හැඩ ද කියා හැඟෙනවා..
නෙක විසිතුරු පාට පාට අරුමෝසම් පැලඳි ලොවක..
පාට නැතත් ඔබෙ සුන්දර බව වැටහෙනවා..
පුන් සඳ පිපිලා අහසේ දොවමින් සඳ දිය රහසේ..
කඩුපුල් මල් එක්ක හෙමින් මුකුලු කරනවා..
හිනා වෙන්නෙ නැති උනාට කඩුපුල් මල් නොපිපුනාට..
අමාවකෙත් පුන්සඳ අහසෙහි පායනවා..
Tuesday, August 4, 2015
මතකයේ වරුසාවමයි..
සිත් අහස කළු කරන්..
අදත් මේ වහින්නේ..
හැමදාම නෙතු තෙමන..
මතකයේ වරුසාවමයි..
එදා සනහසේ මල්..
පීදෙන්න දිය බෙදූ..
සෙනෙහසේ වරුසාවමයි..
ප්රේමයේ කඩදාසි..
ඔරු හදන් පාකරන්..
ජීවිතේ කෙත් යාය..
අස්වද්දනු සිතන්..
පැතුම් මහ සාගරය..
පුරවාපු හැඩදාපු..
ප්රේමයේ වරුසාවමයි..
අනාවක දේදුන්න..
බොඳ වෙන්න තරමටම..
මතක මඩකඩිති සිත..
පාරන්න ඉතුරු වුන..
ජීවිතය සනසනා
යලි යලිත් හඬවනා..
වියෝවේ වරුසාවමයි..
Subscribe to:
Posts (Atom)



