Wednesday, July 8, 2015

ඔබේ සිනහව...













ඔබේ සිනහව මැවේ සිත තුල ගෙනේ මට ආමිස සුවේ...
නිමක් නොමැතිව රඟන නෙතු යුග පරදවයි තරු කැට රැයේ...
මද නලත් මත් වීද මන්දා කෙලිදෙලෙන් ඔබෙ කෙහෙ රැලේ...
දෙතොල් පෙති විකසිතව අමරස දහර සවනත තෙත් කලේ...


සයුර තුරුලට වැලඳ ගන්නා දැවෙන හිරු ලෙස දින ගෙවා...
සතපවයි නුඹ සඳේ සඳ කැන් සිහිලසින් හදවත දොවා...
පෑයුවත් ගගනතෙහි තරුකැට නෙක රටා සිත තුල මවා...
සඳක් හිමි මම රැයෙහි කඩුපුල් මලක් වෙමි පෙති විහිදවා...

රැය ගෙවී සඳු බැස ගිහින් පිණි බිඳකි තණ අග දිලිහෙනා...
කෙසේ මා පිලිගන්නදෝ නුඹ හිරු ලෙසින් හෙට හිනැහෙනා..
නොපීදුනු රතඹුරු කැකුළු මඟ බලයි තුරු නුඹ පායනා....
අවසරයි මිහිකතට පවසන්නට මෙමා විඳි වේදනා....


No comments:

Post a Comment