Wednesday, December 21, 2016

දවසක් පැල නැති හේනේ....

හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේ
මට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේ
ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේ
අම්මේ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේ

ඉහත කවිය 'දවසක් පැල නැති හේනේ' ගීතයේ ගේය පද රචක අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්නයන් විසින් තම මව සිහිකර ලියූවකි. ඉහත කවියේ සිදුවීම ඔහුගේ සත්‍ය අද්දැකීමක් බවත් ගීතයට පාදක වූයේ එය බවත් ඔහු තම මවගේ අභාවයෙන් පසුව 'ඉරිදා ලක්බිම' පුවත්පතට ලියූ ලිපියක දක්වා ඇත.