අතීතයෙහිද නොවීමී මා විලාසිනියක
ඔබ සිතූ ලෙස
ඔවුන් හට මා වරඟනක් ලෙස පෙනුනිදැයි නම්
නොදනිමී මම
ලෙසින් හාරිත සැකෙන් මත් වූ
සාමාවන් ගේ අතීතය ගැන
ඔබත් මා හැරගියේ එලෙසින්
නොවැටහී මා පිදූ සෙනෙහස
Saturday, June 11, 2016
Thursday, June 9, 2016
යලිත් වසන්තය
හිරු පිපී මල් මත
මද නළ සුවඳ දස අත
කුරුළු ගී සවනත
වසන්තය ගෙනැවිල්ල සිත වෙත
පොඩි පැලය කඩුපුල්
පිපී ලා අද සුදු මල්
පුර පසට බැඳ ලොල්
බලා උන් හැටි හරිම හුරතල්
හිටි හැටියේම මොහොතක
මුවාකර දිනකර වත
විපරීත කොට තුන්සිත
කළු වලා හිනැහුනා ගගනත
මද නළ සුවඳ දස අත
කුරුළු ගී සවනත
වසන්තය ගෙනැවිල්ල සිත වෙත
පොඩි පැලය කඩුපුල්
පිපී ලා අද සුදු මල්
පුර පසට බැඳ ලොල්
බලා උන් හැටි හරිම හුරතල්
හිටි හැටියේම මොහොතක
මුවාකර දිනකර වත
විපරීත කොට තුන්සිත
කළු වලා හිනැහුනා ගගනත
සුපුරුදු සුවඳ අතහැර
සීතල ගතිය එක්කර
පෙති මලින් වෙන්කර
රුදුරු වී හමනවා මදනල
දෙදරවා සිත් අහසම
අළු කර පැතුම් මල් හැම
සඟවා සඳත් රහසෙම
කඳුලු වැහි වහිනවා දවසම
කාලයක් ගෙවුනා
මහ වැසි තුරල් කෙරුනා
නිල් අහස පෙනුනා
හෙමි හෙමින් හිරු ගුවනෙ නැගුනා
පෝරකය
සුදු පාට සාරියක් ඇන්දේ
ඒක පිලිවෙල නිසා වෙන්නැති
එහෙම නැතිනම් ඇගේ දිවියෙත්
පාට සේරම සේදිලා ඇති
ඔහුව දුටුවම පෙර පුරුද්දට
ඇගේ මුවගට සිනා එන්නැති
එහෙම නැතිනම් හිතේ දුක
නෙත් කෙවෙනි බොඳ කර ගලා යන්නැති
කූඩුවට පය තියන මොහොතේ
පෝරුවට නැගි හැටි දැනෙන්නැති
එදා මුදු පැලඳූව ඔහු අද
ඉදිරිපස කූඩුවේ ඉන්නැති
එදා දිවුරූ හැටි මතක් වී
හිතේ විශ්වාසය බිඳෙන්නැති
අදත් මම නුඹගේ පමණමයි
ලෙසින් ඇය දිවුරා කියන්නැති
වසන්තයෙ මල් එකින් එක ඇගෙ
දෙනෙත් අබියස පරව යන්නැති
ඔහු එදා පිදු සෙනෙහෙ නාමෙන්
ඔහුට යන්නට වරම් දෙන්නැති
ඒක පිලිවෙල නිසා වෙන්නැති
එහෙම නැතිනම් ඇගේ දිවියෙත්
පාට සේරම සේදිලා ඇති
ඔහුව දුටුවම පෙර පුරුද්දට
ඇගේ මුවගට සිනා එන්නැති
එහෙම නැතිනම් හිතේ දුක
නෙත් කෙවෙනි බොඳ කර ගලා යන්නැති
කූඩුවට පය තියන මොහොතේ
පෝරුවට නැගි හැටි දැනෙන්නැති
එදා මුදු පැලඳූව ඔහු අද
ඉදිරිපස කූඩුවේ ඉන්නැති
එදා දිවුරූ හැටි මතක් වී
හිතේ විශ්වාසය බිඳෙන්නැති
අදත් මම නුඹගේ පමණමයි
ලෙසින් ඇය දිවුරා කියන්නැති
වසන්තයෙ මල් එකින් එක ඇගෙ
දෙනෙත් අබියස පරව යන්නැති
ඔහු එදා පිදු සෙනෙහෙ නාමෙන්
ඔහුට යන්නට වරම් දෙන්නැති
Wednesday, June 8, 2016
අයිතිය
හැරයන විටදි පසු පස ලුහුබැඳ එනවා
ලංවෙන විටදි මාගෙන් ඈතට යනවා
මගෙ සෙවනැල්ල මෙන් මා හා ගැවසෙනවා
හිරු නැති දාට සෙවනැල්ලත් හැංගෙනවා
ගහ කොළ වලට නැලවෙන්නට ඇතත් සිතේ
මද නළ නැති දාට ගොලුවී සිටිනු ඇතේ
ලෙංගතු සිනහ සිහිවන මුත් නුඹේ වතේ
සිහිනෙන් වත් නුඹ මට නම් අයිති නැතේ
ලංවෙන විටදි මාගෙන් ඈතට යනවා
මගෙ සෙවනැල්ල මෙන් මා හා ගැවසෙනවා
හිරු නැති දාට සෙවනැල්ලත් හැංගෙනවා
ගහ කොළ වලට නැලවෙන්නට ඇතත් සිතේ
මද නළ නැති දාට ගොලුවී සිටිනු ඇතේ
ලෙංගතු සිනහ සිහිවන මුත් නුඹේ වතේ
සිහිනෙන් වත් නුඹ මට නම් අයිති නැතේ
ඇති නැති
පාන් කෑල්ලකට පොරකන
කපුටු රංචුවක් දෙස
රස මසවුලු බුදිමින්
සීතල අවන්හලේ සිට
හිනැහී බලති ඔවුන්
එක පාන් කෑල්ලක්
මදි නිසා රැලටම
තවත් කෑල්ලක් විසිකර
හිනැහී බලයි ඔහු
උන්ගේ කුසගිනි නිවූ සතුටින්
කපුටු රංචුවක් දෙස
රස මසවුලු බුදිමින්
සීතල අවන්හලේ සිට
හිනැහී බලති ඔවුන්
එක පාන් කෑල්ලක්
මදි නිසා රැලටම
තවත් කෑල්ලක් විසිකර
හිනැහී බලයි ඔහු
උන්ගේ කුසගිනි නිවූ සතුටින්
හිමිකාරිනිය
මේ හැම කවියකම වචන
නුඹට නුහුරු වෙන්නට බැහැ
ඒ හැම සුන්දර සිතුවිලි
නුඹෙ සෙනෙහස් තෙලි තුඩගින්
මා සිත තුල සිත්තම් කල
සිත්තරාවි නුඹ නිසාම
නුඹට නුහුරු වෙන්නට බැහැ
ඒ හැම සුන්දර සිතුවිලි
නුඹෙ සෙනෙහස් තෙලි තුඩගින්
මා සිත තුල සිත්තම් කල
සිත්තරාවි නුඹ නිසාම
Sunday, June 5, 2016
Subscribe to:
Posts (Atom)