Thursday, June 9, 2016

යලිත් වසන්තය

හිරු පිපී මල් මත
මද නළ සුවඳ දස අත
කුරුළු ගී සවනත
වසන්තය ගෙනැවිල්ල සිත වෙත

පොඩි පැලය කඩුපුල්
පිපී ලා අද සුදු මල්
පුර පසට බැඳ ලොල්
බලා උන් හැටි හරිම හුරතල්

හිටි හැටියේම මොහොතක
මුවාකර දිනකර වත
විපරීත කොට තුන්සිත
කළු වලා හිනැහුනා ගගනත

සුපුරුදු සුවඳ අතහැර
සීතල ගතිය එක්කර
පෙති මලින් වෙන්කර
රුදුරු වී හමනවා මදනල

දෙදරවා සිත් අහසම
අළු කර පැතුම් මල් හැම
සඟවා සඳත් රහසෙම
කඳුලු වැහි වහිනවා දවසම

කාලයක් ගෙවුනා
මහ වැසි තුරල් කෙරුනා
නිල් අහස පෙනුනා
හෙමි හෙමින් හිරු ගුවනෙ නැගුනා




No comments:

Post a Comment