Wednesday, June 8, 2016

අයිතිය

හැරයන විටදි පසු පස ලුහුබැඳ එනවා
ලංවෙන විටදි මාගෙන් ඈතට යනවා
මගෙ සෙවනැල්ල මෙන් මා හා ගැවසෙනවා
හිරු නැති දාට සෙවනැල්ලත් හැංගෙනවා

ගහ කොළ වලට නැලවෙන්නට ඇතත් සිතේ
මද නළ නැති දාට ගොලුවී සිටිනු ඇතේ
ලෙංගතු සිනහ සිහිවන මුත් නුඹේ වතේ
සිහිනෙන් වත් නුඹ මට නම් අයිති නැතේ


No comments:

Post a Comment