Wednesday, June 8, 2016

ඇති නැති

පාන් කෑල්ලකට පොරකන
කපුටු රංචුවක් දෙස
රස මසවුලු බුදිමින්
සීතල අවන්හලේ සිට
හිනැහී බලති ඔවුන්

එක පාන් කෑල්ලක්
මදි නිසා රැලටම
තවත් කෑල්ලක් විසිකර
හිනැහී බලයි ඔහු
උන්ගේ කුසගිනි නිවූ සතුටින්


No comments:

Post a Comment