අවපස ගෙවී වඩිනා විට පුර නලුව
අමතක වී ද මන්දා රැඳි තනි තරුව
දැනිලා කලෙක නුඹටත් බිනරෙහි කලුව
මියැදී තියේවි ද සොයනා විට තරුව
හඬනා විට දි දුක නෙත් කෙවිනි බොඳ කර
හසරැලි නැතත් වැලපුම නුඹෙන් මග හැර
අත්පසුරින් ම තුරුලට ලංකර නොහැර
පුදුමයි හැර ගියා සාවිය සඳ ඇසුර
රන්දා නුඹෙ සුවඳ මද නල හමා එතී
නුඹෙ හසරැල්ල දොල පාරේ ගලා යතී
මගෙ තනි කමට නම් අපෙ මතකයන් වෙතී
ජීවත් වෙන්න මට ඒ හොඳටෝම ඇතී
Monday, September 14, 2015
Saturday, September 12, 2015
පොහොසත් ප්‍රේමය
හැංගුන වෙලාවක හෙවනැල්ලත් මගෙ ම
දුටුවෙමි සමනලෙකු සමඟින් තම කුසුම
අපමන සෙනෙහසින් ඇගෙ නලලත සිඹින
පොතකින් පවන් සලමින් ඇය සෙනෙහසින
දුටුවෙමි සමනලෙකු සමඟින් තම කුසුම
අපමන සෙනෙහසින් ඇගෙ නලලත සිඹින
පොතකින් පවන් සලමින් ඇය සෙනෙහසින
ඇගෙ සිත දුකින් මුදවා ලන්නද මන්දා
ඔහු අත දමා ඇගෙ ගෙල පාලුව බින්දා
කරගැට පිපුනු හිමිගේ අත රළු හින්දා
නොරිදෙන ලෙසින් ඇය හදවත පිරිමැද්දා
හිරු එලියවත් නොවැටෙන කලුවර රියක
හිරිගඩු පිපෙන හීතල ඇති දහවලක
රොන්සුනු විඳින බඹරෙකු දේදුනු මලෙක
දුටු සමනලය රහසක් පවසයි මලට
Thursday, September 10, 2015
Monday, September 7, 2015
(අ) වාසනාව....
ඇහැකි වුනොත් විකුණ ගන්න
ඔක්කොම වාසනා ගොන්න
එහෙම දාට රෑට වතුර
ඕනි නැහැ ගොඩක්
පුංචි උන්ට රහ බලන්න
කැවිලි ටිකක් අරන් යන්න
ගන්න මහතුනේ මගෙනුත්
වාසනා පතක්
පොඩි කෙලීට උගන්නන්න
පුතාව ටියුෂන් යවන්න
ඔබට වගේ මගේ හිතෙත්
හීන නම් ගොඩක්
ඔක්කොම වාසනා ගොන්න
එහෙම දාට රෑට වතුර
ඕනි නැහැ ගොඩක්
පුංචි උන්ට රහ බලන්න
කැවිලි ටිකක් අරන් යන්න
ගන්න මහතුනේ මගෙනුත්
වාසනා පතක්
පොඩි කෙලීට උගන්නන්න
පුතාව ටියුෂන් යවන්න
ඔබට වගේ මගේ හිතෙත්
හීන නම් ගොඩක්
Saturday, September 5, 2015
ප්‍රදර්ශන කාමය..
සඳෙහි මුළු රැස් දහර
උරාගත් බඳු දළ රළ
හිස් ගුවන වෙත පැන නැග
උදම් වී නගන මහ ගොස
අසනු නොරිසිව එන කල
මහත් සඳවතෙහි අසිරිය
අනත් සඳ රැසෙහි ඉමිහිර
රැගත් ඒ නිහඩ පිණිබිඳ
සීතල පතෙක පතිතව
සෙමෙන් වියැකෙයි රහසින
ඉහත කවිය නන්දන වීරසිංහ කවියා විසින් පබඳින ලද්දකි.
අති මහත් වූ සඳෙහි රැස් දහර මුලු මුනින්ම උරා ගත්තේ යැයි සතුටු වෙමින් හිස් අහසට පැන නගිමින් ශබ්ද කරන මුහුදු රලෙහි පාරම් බෑම අසනු නොරිසිය. නමුත් එතරම් ම වූ සඳ රැසෙහි අසිරියත් අනන්ත වූ මිහිරත් දෙකම කැටිකොට ගත් පිණි බිංදුව සීතල පත්‍රයක් මත පතිතවී නිහඩවම සෙමින් නැතිවී සැඟවී යයි.
උරාගත් බඳු දළ රළ
හිස් ගුවන වෙත පැන නැග
උදම් වී නගන මහ ගොස
අසනු නොරිසිව එන කල
මහත් සඳවතෙහි අසිරිය
අනත් සඳ රැසෙහි ඉමිහිර
රැගත් ඒ නිහඩ පිණිබිඳ
සීතල පතෙක පතිතව
සෙමෙන් වියැකෙයි රහසින
ඉහත කවිය නන්දන වීරසිංහ කවියා විසින් පබඳින ලද්දකි.
අති මහත් වූ සඳෙහි රැස් දහර මුලු මුනින්ම උරා ගත්තේ යැයි සතුටු වෙමින් හිස් අහසට පැන නගිමින් ශබ්ද කරන මුහුදු රලෙහි පාරම් බෑම අසනු නොරිසිය. නමුත් එතරම් ම වූ සඳ රැසෙහි අසිරියත් අනන්ත වූ මිහිරත් දෙකම කැටිකොට ගත් පිණි බිංදුව සීතල පත්‍රයක් මත පතිතවී නිහඩවම සෙමින් නැතිවී සැඟවී යයි.
Friday, September 4, 2015
රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ප්‍රථම කවිය...
රත්න ශ්‍රී විජේසිංහයන්ට කවි ලියන්නට ගීතාංජලී කවි පත්‍රයද හේතූ වූවා විය හැක. එහි මුල් පිටුවේ චිත්‍ර පාදක කර ගනිමින් ඔහුට යන්තම් වයස අවුරුදු 14 වනවිට ලියූ පහත කවිපෙල තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලදී. ඔහුට රුපියල් 25 ක තෑගි මුදලක් ද ලැබුණි. මෙය ඔහුගේ නමින් පලවූ පලමු නිර්මාණය වීමද විශේෂයකි.
මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගත
බොල් මුතුපට ගෙලෙහි, හිල් කූඩයෙහි අත
කොල්ලෑවට නැගී පෑවත් සිනහ වත
කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත
මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගත
බොල් මුතුපට ගෙලෙහි, හිල් කූඩයෙහි අත
කොල්ලෑවට නැගී පෑවත් සිනහ වත
කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත
Thursday, September 3, 2015
මතක ආකාසයේ...
මතක ආකාසයේ
දුකත් සතුටත් අරන්
වලාකුළු ඇදෙනවා
සුදුත් අව පැහැ දරන්
හිතේ දුක වැඩි උනොත්
දරන්නට බැරි තරන්
වැහි කඳුළු වැටෙනවා
මිහිකතම තෙත් කරන්
ඒ බවක් නොදන්නා
නුඹ පුංචි ඔරු හදන්
මගෙ කඳුළු ගංගාව
සෙල්ලමට ම අරන්
අතීතය අනාවක
එක ලඟට ලං කරන්
බැලුවාම දැනෙන්නේ
ජීවිතෙත් හොරු අරන්
දුකත් සතුටත් අරන්
වලාකුළු ඇදෙනවා
සුදුත් අව පැහැ දරන්
හිතේ දුක වැඩි උනොත්
දරන්නට බැරි තරන්
වැහි කඳුළු වැටෙනවා
මිහිකතම තෙත් කරන්
ඒ බවක් නොදන්නා
නුඹ පුංචි ඔරු හදන්
මගෙ කඳුළු ගංගාව
සෙල්ලමට ම අරන්
අතීතය අනාවක
එක ලඟට ලං කරන්
බැලුවාම දැනෙන්නේ
ජීවිතෙත් හොරු අරන්
Subscribe to:
Posts (Atom)