Friday, September 4, 2015

රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ප්‍රථම කවිය...

රත්න ශ්‍රී විජේසිංහයන්ට කවි ලියන්නට ගීතාංජලී කවි පත්‍රයද හේතූ වූවා විය හැක. එහි මුල් පිටුවේ චිත්‍ර පාදක කර ගනිමින් ඔහුට යන්තම් වයස අවුරුදු 14 වනවිට ලියූ පහත කවිපෙල තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලදී. ඔහුට රුපියල් 25 ක තෑගි මුදලක් ද ලැබුණි. මෙය ඔහුගේ නමින් පලවූ පලමු නිර්මාණය වීමද විශේෂයකි.

මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගත
බොල් මුතුපට ගෙලෙහි, හිල් කූඩයෙහි අත
කොල්ලෑවට නැගී පෑවත් සිනහ වත
කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත


ඊට අවුරුදු දෙකක් ඇවෑමෙන් ඉහත පත්‍රයටම ඔහු ලියූ කවි පෙලක් පලමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. තෑග්ග රුපියල් 50කි. දෑ අවුරුද්දක් තුල ඔහුගේ කාව්‍ය සහ භාෂාමය වර්ධනය මෙම කවි දෙක විමසීමෙන් පැහැදිලිවේ.

මුහුලස සිහිකරයි නිල් අක්බමරු රැළක්
උවනත සඳකිරණ නැහැවුණු කුමුදු විලක්
පොල් කොලයකින් ඉල්ලන තව තොලට තොලක්
මැය මේ ගහේ පිබිදුන නව තැඹිලි මලක්

No comments:

Post a Comment