Monday, September 7, 2015

(අ) වාසනාව....

ඇහැකි වුනොත් විකුණ ගන්න
ඔක්කොම වාසනා ගොන්න
එහෙම දාට රෑට වතුර
ඕනි නැහැ ගොඩක්

පුංචි උන්ට රහ බලන්න
කැවිලි ටිකක් අරන් යන්න
ගන්න මහතුනේ මගෙනුත්
වාසනා පතක්

පොඩි කෙලීට උගන්නන්න
පුතාව ටියුෂන් යවන්න
ඔබට වගේ මගේ හිතෙත්
හීන නම් ගොඩක්

එකතැන් උනු අප්පොච්චගෙ
හුස්ම ඩිංග අරන් දෙන්න
උන්දැට තව හුස්ම ගන්න
මාසයක් දෙකක්

ඔඩෙල් මොන්ඩි ඉස්සරහත්
දැකලත් ඇති මම ඉන්නව
අපේ එක්කෙනත් තවම
තරුණයි හුඟක්

කොටුවේ පේමන්ට් එකෙන්
ගවුමක රෙදි අරන් දෙන්න
එතකොට මගෙ මැණිකෙ ලඟත්
මල් ගවුම් තුනක්

වාසනාව නැතෙයි කියල
ටිකට් එකක් නොගත්තාට
මහත්තයෝ මට හිතෙන්නෙ
මේ වගෙ දෙයක්

අපිත් එක්ක බලපුවාම
ඔහෙලා මේ සංසාරේ
කොච්චර පින් කර ඇද්දැයි
හිතන්නකො ටිකක්

පලමු දිනුම ඇදුනට වැඩි
සතුටක් ඔහෙලටත් දැනෙයි
අපිට නැතත් පොඩි දෙන්නට
කන්න බත් කටක්

No comments:

Post a Comment