Wednesday, July 1, 2015

වැවකින් වතුර යන ගානයි පිටවානේ...















වැවකින් වතුර යන ගානයි පිටවානේ...
මටවත් මගේ නෙතු යුග අවනත නැහැනේ..
සෙවනැලි හොයනවා වාගෙයි තරු පානේ..
මා දුක් වන තරම් නුඹ දන්නේ නැහැනේ..


සඳුට අහිමි තරු නැත රෑ ආකාසේ..
හිරුට හොරෙන් මල් පිපුනිද හොර රහසේ..
මෙතුවක් දිවි කවෙහි එලි වැට වූවාසේ..
යලිපායන්න දේ දුන්නක් වී අහසේ..

ඔබ යලි නො එන බව මගෙ සිත පවසන්නේ..
හදවත කොහොමවත් එය නැත පිලිගන්නේ..
කොතැනින් කොහොම යලි දිවි මඟ අරඹන්නේ..
සහතික ලෙසම එය නම් මම නැහැ දන්නේ...

4 comments:

  1. පට්ට මචං.....
    ලස්සනයි!!

    google follower එක දාපන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූපේ..

      Delete
  2. කොතැනින් කොහොම කොයි ලෙසකට පටං ගෙන
    ඉස්සරහටම පලයන් දිනෙන් දින
    ගියපු උං නොඑයි එය දැනගන් සොදින
    සිනහව වුව කදුලද නුඹෙ පමණ...

    ජයවේවා. බ්ලොගර් ෆලෝවරේ දාගන්ට.
    ආයෙත එන්නං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් දිරිමත් කිරීමට...

      Delete