Tuesday, July 5, 2016

නිලා වේවා... සෙල්ලා වේවා...

හරිම ලස්සන දමිළ ගීතයක් ගැන දැනගන්නට ලැබුනා. සිංහල උනත් දමිළ උනත් ඉංග්‍රීසි උනත් ගීතය ගීතයම තමයි. හැකි විදිහට මේ ලස්සන ගීතයේ අරුත සිංහලට නැගුවා.

නොයා හැරදා මෙමා..
මගේ සඳ වී එන්න..
ඔබව හිමි නිල් අහස..
මා නොවෙද හැමදාම...

දුරින් ඉන්නට ඈත්වී
සිතුව මුත් ඔබ මගෙන්
කෙසේ අමතක කරමි මා
මතකයන් ඔබ මගේ

ඔබව තේරුම් ගන්න
නොහැකි ඇයි මේ තරම්
කාවේරි නදිය මෙන්
දකින මිරිඟුව ලෙසින්
අනේ මට පවසන්න
ඇත්තටම නුඹ කවුද

මල් ගසේ කටු තුඩුද
කටු ගසක පිපි මලද
මඟ නොහැර පවසන්න
ඇත්තටම ඔබ කවුද

මල් උයන් සිසාරා
ගී ගයන මද නලට
ගයන්නට එපා‍යැයි 
කියන්නේ මොන මලද

මේතරම් වැලපුනද 
එකවරක් වත් මදෙස
නොබලන්න තරම් වූ
ප්‍රියේ හේතුව කිමද

එකම එක වචනයක් 
නොහැකි ඇයි පවසන්න
වළාකුළු කිසිදාක 
බරක් වෙද ගගනතට 



No comments:

Post a Comment