Monday, September 19, 2016

සඳ සාවිය

සාවියක ලෙස උණුහුමට
ගෙවෙනතුරු හද දවන සීතල
රැඳී පුලුල් උර මත
වසන්තයේ නික්මයන බව
නොකීවත් නුඹ
දැනුනු හන්දා මට
සිත්තම් කලෙමි රුව
දකින්නට ඉඳහිට
හිමකර මත

1 comment:

  1. ඉතින් නිහඩව
    ඉන්න දෙනු මට
    තවත් මොහොතකින්
    වෙන්න යන්නට ඇත
    නුඹේ උණුහුම
    පරදවයි සිසිල....

    ජයවේවා!!!

    ReplyDelete