Sunday, September 11, 2016

කෙටි කසාදය

සිතාසි ලියමන ලැබුනා ඊයේ
අම්මා ලියමන අරගත්තේ
අප්පච්චී කිව්වට පස්සෙයි මං
උසාවි දිනයත් දැනගත්තේ
දෑඟිලි එක්කල රන් හුය කොතැනද
අප දෙදෙනා මඟ හැරගත්තේ
ඔබයි මමයි දරු පැටියයි නොවෙදෝ
අන්තිමටම තනි වී ඇත්තේ

ඔයාගෙ නැහැයයි
මගේ ඇස් දෙකයි
වාත්තු කරලා දූගෙ වතේ
කොහොමද දෝනිව බෙදාගන්නෙ අපි
තාමත් මට වැටහෙන්නෙ නැතේ
අම්මේ තාත්ත අදවත් ඒවිද?
අසමින් දැවටෙන මගේ ගතේ
මෙච්චර හරියක් කොහොම කියන්නද
දාහක් දේවල් මගේ හිතේ

අවසන් වරටත් කතා කරන්නට
එන්නට සිතුනත් ඔබව සොයා
මගෙ හිත හෙමීට මටම කියනවා
ඔබ මට අයිති නැහැ කියා
අතීතයම අත්පසුරට ගුලිකර
ලිපට දමා සිත ගිනි තියා
දෝනිත් අරගෙන බලන්න එන්නම්
උසාවි පෝරුවෙ ඉන්න ඔයා


3 comments:

  1. හිතට දැනුන කවියක්

    ReplyDelete
  2. ලස්සනයි. දුක්බරයි.

    ජයවේවා!!!

    ReplyDelete