අම්මා ලියමන අරගත්තේ
අප්පච්චී කිව්වට පස්සෙයි මං
උසාවි දිනයත් දැනගත්තේ
දෑඟිලි එක්කල රන් හුය කොතැනද
අප දෙදෙනා මඟ හැරගත්තේ
ඔබයි මමයි දරු පැටියයි නොවෙදෝ
අන්තිමටම තනි වී ඇත්තේ
ඔයාගෙ නැහැයයි
මගේ ඇස් දෙකයි
වාත්තු කරලා දූගෙ වතේ
කොහොමද දෝනිව බෙදාගන්නෙ අපි
තාමත් මට වැටහෙන්නෙ නැතේ
අම්මේ තාත්ත අදවත් ඒවිද?
අසමින් දැවටෙන මගේ ගතේ
මෙච්චර හරියක් කොහොම කියන්නද
දාහක් දේවල් මගේ හිතේ
අවසන් වරටත් කතා කරන්නට
එන්නට සිතුනත් ඔබව සොයා
මගෙ හිත හෙමීට මටම කියනවා
ඔබ මට අයිති නැහැ කියා
අතීතයම අත්පසුරට ගුලිකර
ලිපට දමා සිත ගිනි තියා
දෝනිත් අරගෙන බලන්න එන්නම්
උසාවි පෝරුවෙ ඉන්න ඔයා
හිතට දැනුන කවියක්
ReplyDeleteස්තුතියි
Deleteලස්සනයි. දුක්බරයි.
ReplyDeleteජයවේවා!!!