Monday, December 14, 2015

දේදුන්නේ අයිතිය...

ලැබුන අසුරු සැනකින් නුඹ මා අමතනවා බලන්න...
සැප දුක, මා තුටින් නේද ඉන්නේ කියලා...
හදවත රැඳි දුක හංගා සනහස මුවගට කැන්දා..
මා සිත වැලපෙනවා නුඹෙ සිත සතුටින් තියලා...

හැඟුනද නුඹ දුකින් කියා මා කෙලෙසින් විමසන්නද...
මියුලැසියේ ඔබ ඉන්නේ දුකින් නොවෙද කියලා...
සිතුනත් නුඹ ගැන සොයන්න මගෙ කතාව කියා ගන්න...
බැරි හන්දා මා ඉන්නේ හදවත ගොලු කරලා...

දේදුන්නේ ලස්සන දැක සිතුනත් නතු කරගන්නට...
බැරි බව දැනෙනවා ඩිංගක් බැලුවම තතු සොයලා...
දේදුන්නේ අයිතිය සින්නක්කරවම පවර ගත්තු...
හිරු හිනැහෙනවා මා දෙස ඔච්චම් කර බලලා...

1 comment:

  1. මම දකින අඩ සද ඔබත් දුටුවාද සබද,
    එහෙමනම් අපි දෙදෙනාම එකම අහස යට මොහොතකට හරි එක් වෙලා....

    ReplyDelete