Friday, July 15, 2016

නොරිකෝ....

මටවත් මාව තෙරුම් ගත නොහැකි කොට
ඔබ මා කෙසේ නම් තේරුම් ගන්නේ
මලවුන්ගේ අවුරුදු දා නොවෙද හෙට
මා ඔබ දකින්නට නිසැකව එන්නේ

නුඹ මගෙ ජීවිතය ජීවත් කරවන්නේ
කෙලෙස ද නුඹ නැතිව දෙපයින් සිටගන්නේ
නොදනිමි දිවිය කොයි දෙසටද ඇදෙන්නේ
එනයින් කෙලෙස මම නුඹ ලඟ නවතින්නේ

ඔබගේ දිවිය මා සමඟින් දියවෙද්දී
රූසපු යොවුන් විය හෙමිහිට මැකෙද්දී
මමවත් නොදන්නා දිවියක් ඉල්ලද්දී
නිහඬව සිටිමි මගෙ හදවත මොර දෙද්දී

නැත කිසි වැරැද්දක් ඔබගෙන් සිදුවූයේ
ඔබමයි මා නිසා අවසන තනිවූයේ
එනමුත් ඔබේ සෙනෙහස නැත අඩුවූයේ
ඔබ වැනි ගැහැණියක් වෙන නැත හමුවූයේ

උද්‍යානයේ සකුරා මල් පිපෙනවද
උණුහුම කෝපි උගුරක් සිත දවනවද
මා නැති අඩුව හැම මොහොතෙම දැනෙනවද
අමතක නොකර මා හෙට මුනගැසෙනවද


2 comments:

  1. නුඹ එයි කියා සිව් වසරක් ගත වුවා
    සැමදා මා උයන් තීරයෙ දුක් වුවා
    හැකි හැම දෙනා මා හට ගැරහුම් පෑවා
    තනිකම හොඳයි සිතමින් මා යලි ආවා...

    ReplyDelete
  2. සීතල හිම-ගිනියම් හද
    ඉන්නවා රැකගෙන,
    සකුරා මල් කිනිති යට-මළවුන්ගේ අවරුදු දා.
    එදත් මෙන් හැමදාම ඔබ වෙනුවෙන්නම,
    වෙන්වූ සිත...
    -නොරිකෝ සං

    ReplyDelete