Friday, March 20, 2015

මීවිත සහ ජීවිත...



විතක් හෙමි හෙමින් හිස් වන...
සිතුම් දවන සිත පාරන...
මතින් බමන ගතින් දැවෙන....
හිරු සැඟවෙන අඳුර ගලන...
ආයෙත් තව හැන්දෑවක්.... දවස ගෙනල්ලා....


දෙනෙත් යදින යලි නොදකින...
සඳුන් සුවඳ සිහිලස දෙන...
සදාතනික ලෙසින් දැනෙන...
එනමුදු කිසිදා නොලැබෙන...
ඔබේ මතකයන් ආයෙත් හිතට ඇවිල්ලා....

හීතල හඳ එලිය ගලන...
සිනහව අඳුරට පැවරුන...
විරහව හද දරන දවන...
දිවියම එක තැන නවතන...
මා හැර ගිය ඔබ ආයෙත්, මීවිත මට අරන් ඇවිල්ලා....

No comments:

Post a Comment