Saturday, March 14, 2015

පාතර් පංචාලි (Song of the Little Road)

විසිවන සියවසේ බිහිවූ අග්‍රගන්‍ය සිනමා අධ්‍යක්ෂක වරයකු වන සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ඨ සිනමා කෘතියක් ලෙස "පාතර් පංචාලි" හඳුන්වන්න පුලුවන්.

ඔබ පොත් කියවන කෙනෙක් නම්, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් පරිවර්තනය කරපු "මාවතේ ගීතය" කියවල ඇති. අන්න ඒ පොතේ මුල් කෘතිය ඇසුරින් තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නේ.

රායිගේ පළමු චිත්‍රපටිය වුනු, පාතර් පංචාලි (1955), කෑන්ස් සිනමා උළෙලේ දී (1956) ජාත්‍යන්තර සම්මාන 11 දිනාගන්න සමත් උනා. ඒ වගේම මෙය "අපූ" සිනමා ත්‍රිත්වයේ පලමු වැන්න ද වෙනවා.


බෙංගාල ගමක ජීවත්වූ "අපූ" කියන  කුඩා ළමයෙකුගේ ජීවිත කථාව තමයි පොතටත් චිත්‍රපටියටත් තේමාව වෙන්නෙ.  ඔවුන්ගේ ගම්බද මහ ගෙදර,  දුප්පත් කම, ජීවිතයේ කටුක බව, පවුල් අරගල මැදින් අපූ ගේ ජීවිතය...

වරක් ඉන්දියාවේ ටයිම්ස් පුවත්පත මෙසේ ලියා තිබුනා. "පාතර් පංචාලි යනු පිරිසිදු සිනමාවයි. එය වෙනත් ඕනෑම ඉන්දීය සිනමා කෘතියකට සංසන්දනය කිරීම පවා විකාරයකි".

ජීවිතයේ ඇතැම් සිදුවීම් සොබා දහමත් සමඟ සම්බන්ධ කොට ඉතාමත් සංවේදී ලෙස රායි ඉදිරිපත් කරන ජවනිකා රාශියක් චිත්‍රපටියේ දකින්න පුලුවන්. දුර්ගා ගේ මාරක උණ දරුණු මෝසම් වර්ෂාවකට සමාන කරන අවස්ථාව එක උදාහරණයක්. 

සම්මාන....
  1. President's Gold & Silver Medals, New Delhi, 1955
  2. Best Human Document, Cannes 1956
  3. Diploma Of Merit, Edinbugh, 1956
  4. Vatican Award, Rome, 1956
  5. Golden Carbao, Manila, 1956
  6. Best Film and Direction, San Francisco, 1957
  7. Selznik Golden Laurel, Berlin, 1957
  8. Best Film, Vancouver, 1958
  9. Critics' Award - Best Film, Stratford, (Canada), 1958
  10. Best Foreign Film, New York, 1959
  11. Kinema Jumpo Award: Best Foreign Film, Tokyo 1966
  12. Bodil Award: Best Non-European Film of the Year, Denmark, 1966

ලස්සන රූපරාමු කීපයක්...


 


ඉංග්‍රීසි උපසිරස සමඟ










No comments:

Post a Comment