Sunday, February 22, 2015

අම්මාවරුනේ...

ආදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතුවූ....

මෙහෙම කියන දූල පුතාල අතරෙ සමහර දියණියන්ට, පුතණුවන්ට වැදූ මවත් හැදූ පියත් අමතක වෙලා. මේ කියන කතාවේ අම්මලත් දූ පුතුන් ඉන්න අම්මලා. ඉතින් ඒ අම්මල තවමත් තමන්ගේ දූ පුතුන් එකනම් මේ විදිට බලන් ඉන්නව...



මේ අම්මල තාත්තල ඉන්නෙ "ඉරේෂා" වැඩිහිටි නිකේතනයේ. මේක තියෙන්නේ පිලියන්දල පොඩ්ඩක් ඇතුලට වෙන්න. බොහොම අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යන මේ නිවස්නයේ අම්මලා 25 දෙනෙක් විතර ඉන්නවා. ගොඩක් දෙනෙක්ට හරි හැටි කල්පනාවක් නැහැ. 



මේ අම්මලාව බලාගන්නේ ඉරේෂා මහත්මිය. අපිට දැනගන්න ලැබුනු විදියට නම් මෙතනට දාන ලැබෙනවත් ගොඩක් අඩුයි. ඒ වගේමයි පහසුකම්. නමුත් මොන කම්කටලු මැද්දෙ උනත් මේ අම්මලව මේ විදියට බලා ගන්න එකට නම් ඇයට ගොඩක් පින් සිද්ධ වෙනව.

මේ අයට ඉන්න වෙන වෙනම කාමර නැහැ. මොකද එච්චර ඉඩ පහසුකම් මෙතන නැති නිසා. එකම ශාලාවක තමයි වැඩි පිරිසක් ඉන්නෙ.

 

පහත ඡායාරූපයේ සිටින දරුවාට තනිව ආහාර ගැනීමට නොහැකි නිසා මෙතැන සිටින කවුරුන් හෝ අම්මා කෙනෙකු ආහාර කවන බවත් දැනගන්නට ලැබුනා.


තිබෙන කාමර දෙකින් එකක, රෝද පුටුවක තනිවුනු තාත්තා කෙනෙකුත් අපේ නෙත ගැටුනා.


මේ අම්මා අපි දිහා නෝක්කාඩුවෙන් වගේ බලන් හිටියෙ අපි පින්තූර අරන් පත්තර වල දාල ඒ අයගෙ දරුවන්ට දුකක් අපහාසයක් වේවි කියලද මන්ද....ඒ අම්මල තවමත් දරුවන්ට ආදරෙයි....



තවත් පින්තූර ටිකක්...


මේ දින දර්ශනය පසුගිය වර්ෂයක උනත් තවමත් තියෙන්න හේතුව....


මෙතුමිය තමයි මේ අම්මලා තාත්තලා හැමෝගෙම දුවනී... අනිත් පැත්තෙ ඉන්න අම්ම හරිම ආසයි පින්තූර වලට ඉන්න.


අපි එතනින් යන්න පිටත් වෙන කොට එතන හිටපු එක අම්ම කෙනෙක් මෙහෙම ඇහුව "අනේ පුතේ ඇයි මගේ විතරක් පින්තූරයක් ගන්නෙ නැත්තෙ" කියල. ඉතින් අපි ඒ අම්මගෙ සිනාවත් එක්ක යන්න පිටත් වුනා.


ඔබත් කැමති නම් මෙතන ගැන තොරතුරු දැන ගන්න මෙන්න මේ දුරකථන අංකයෙන් ඉරේෂා මහත්මිය අමතන්න පුලුවන්. 

071-8429587

දරුවන්ගේ දුක් කඳුලු දකින දා සුරලොව සිට අත පා.... ඒ කඳුලැලි පිසිනා....




No comments:

Post a Comment