Saturday, March 28, 2015

පිලිකාව...














ඔබ සිටින බව නොදන්නා තරමටම මාගේ සිත නිවී යයි....
ජීවිතය හෙමි හෙමි ඔබ නතු කරගන්න බව නම් හැඟීයයි...
ඔබට අවනත වනු නියා වෙන කිසිත් ඇති බව නොම පෙනීයයි...
මා නිසා ජීවිතය ලද ඔබ මා පෙලන්නේ ඇයි නොතේරෙයි....


මගේ දිවියම වෙනත් මඟකට ඔබ නිස අද යොමු වෙලා...
එදා කල කී දෑ කරන්නට බැරිව ගත සිත ගොලු වෙලා....
මගේ දුක දැක සිනාසෙන ඔබෙ දෙස මෙමා පුදුමෙන් බලා..
සිටින්නෙමි මම තවත් නැහැ මට ඔබේ අරමුණු තේරිලා...

ජීවිතය විඳගන්න වෙනුවට විඳවන්න මට හුරු කලා...
නෑසියන් මිතුරන් වෙතින් නික්මෙන්න කාලය ලංකලා...
ඔබ නිසා මේ සියලු දේ අද අතහරින්නට සිදුවෙලා...
මා සමඟ එකටම මියෙන්නට එන්න මම හිඳිනෙමි බලා...

No comments:

Post a Comment