Tuesday, March 24, 2015

අබුද්දස්ස....











තුන් පිටකයම මතකින් කියවන්න ඇහැකි නොවරද්දා...
පන්සල් දෙක තුනක් ගමකට ඇත පිටිසර වුව හද්දා...
දන්සැල් දැනුත් ඇත වෙසඟෙට කරමින් හරියට සද්දා...
කොතැනක නමුත් සිදු වී ඇති බව පෙනෙනව යම් වරදා...



අප මහ සඟුන් නැතුවත් කම් නැත ලක් දිවයිනට...
ඒ තරමටම ඇත ගිහියන් දෙසනා දම් රටට...
පන්සිල් රැක ගන්න අපහසු මුත් ඔබ අප හැමට...
අඩුවක් නැතේ සෝතාපන් රහතුන්ගෙන් එමට..

සීවලි සමිඳු ඇත හැමතැන බත සරි කර ගන්න...
කස්සප මොග්ගල්ලාන හිමිවරු නැත අද පුද දෙන්න...
දලදා සමිඳු සිරිමා බෝ හිමි අනුහසින්න....
කාලය අදයි හිමියනි ඔබ ලක්දිව වැඩ ඉන්න...

No comments:

Post a Comment