Wednesday, April 1, 2015

අපරාජිතෝ (The Unvanquished)

සත්‍යජිත් රායි ගේ අති සාර්ථක "පාතර් පංචාලිචිත්‍රපටියේ දෙවැනි කොටස ලෙස 1956 දී "අපරාජිතෝ" තිරගත වෙයි. "පාතර් පංචාලි" චිත්‍රපටියේ, අපූ ගේ සොයුරිය, දුර්ගා ගේ මරණයෙන් පසු ගම හැරදා යන තැනින් අවසන් වූ  කතාව "අපරාජිතෝ"  චිත්‍රපටිය ලෙසින් මෙතැන් සිට ඉදිරිපත් කරයි. මෙම චිත්‍ර පටියේ ඇතැම් අවස්ථා "පාතර් පංචාලි" චිත්‍රපටියටත් වඩා සංවේදී ලෙස ඉදිරිපත් කිරීම දැකිය හැක. 


තවමත් පවුලේ මුදල් තත්වය අඩමාන ය. ඔහුගේ පියා මියගිය පසු අපූ සහ ඔහුගේ මව ආපසු බෙංගාලයේ ගමක පදිංචියට පැමිණෙයි. නිර්දය දුප්පත්කම තිබිය දී ම, අපූ විධිමත් පාසැල් අධ්‍යාපනය ලබා දක්ෂ සිසුවෙකු බවට පත්වෙයි. වයසින් අදහස් වලින් මුහුකුරා යන අපූ වරින් වර ඔහුගේ මව සමග ගැටුම් ඇතිකර ගනී. අවසානයේ මවගේ මරණයත් සමඟ ඔහු තනියම ජීවත් වීමට ඉගෙන ගැනීමට සූදානම් විය යුතුය.

මව් සෙනෙහසක ඇති අසීමිත බව ඉතාමත් සියුම් සහ කලාත්මකව මෙම චිත්‍රපටියේ ඉදිරිපත් කරයි. ගැහැණියක ලෙසින් දරා ගන්නා අනේක විද දුක් කම් කටොලු මෙන්ම තනිකම, ඇයගේ සිතුවිලි සහ ඇයට අහුම්කන් දීම අතපසු වන වාරයන් වලදීත් ඉවසීමෙන් සියල්ල විඳ ගැනීමත් මෙහි ගෙනහැර දක්වයි.  රවි ශන්කර් ගේ අපූර්ව වූ සංගීතයෙන් මෙය තවත් හැඩගැන්වී ඇත.

වෙනීසි සිනමා උලෙළේ දී සම්මාන තුනක් ද ඇතුලුව ජ්‍යාන්තර සම්මාන දහයක් දිනා ගැනීමට මෙම චිත්‍රපටිය සමත් වී ඇත.
  1. Golden Lion of St. Mark, Venice, 1957
  2. Cinema Nuovo Award, Venice, 1957
  3. Critics Award, Venice, 1957
  4. FIPRESCI Award, London, 1957
  5. Best Film, San Francisco, 1958
  6. Best Direction, San Francisco, 1958
  7. International Critic' Award, San Francisco, 1958
  8. Golden Laurel for Best Foreign Film of 1958-59, USA
  9. Selznik Golden Laurel, Berlin, 1960
  10. Bodil Award: Best Non-European Film of the Year, Denmark, 1967













ඉංග්‍රීසි උපසිරස සමඟ

අපරාජිතෝ පලමු කොටස

අපරාජිතෝ දෙවන කොටස

No comments:

Post a Comment