Monday, April 27, 2015

දයා අල්විස් රංගන ශිල්පියාණනි ඔබට නිවන් සුව...!!!



1944 දී පයාගල දී උපත ලැබූ දයා අල්විස් මහතා ඉගෙන ගත්තේ කළුතර විද්‍යාලයේ. ඔහු නළුවෙකුට අමතරව වාදකයෙක් හා ගායකයෙක්. ඔහු 1958 දී පමණ රාගධාරී සංගීතයෙන් ගාන්ධර්ව විභාගය සමත්වුණා. ඉන්පසු ඔහු හේවුඩ් එකේ මහාචාර්ය එච්.ජී.එස්. ජයසේකර ළඟට සංගීතය ඉගෙන ගන්න යනවා. එහිදි සනත් නන්දසිරි, වික්ටර්, මර්වින් පෙරේරා වැනි අය මිතුරන් බවට පත් වුනා. අනතුරුව ඔහු භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. 







ඔහුට මුල්ම ගුරු පත්වීමක් ලැබුණේ තෝලංගමුව සෙන්ට‍්‍රල් එකට. පසුව ඔහුට සරච්චන්ද්‍රයන්ගේ "පේමතෝ ජායතී" නාට්‍යයේ පොතේ ගුරු චරිතය ලැබෙනවා. ඒකට අවස්ථාව ලැබෙන්නේ ඔහු විසින් සංගීතවත් කරපු "ගිරිකූට" කියන නාට්‍යය නිසා. පසුව සරච්චන්ද්‍රයන් ගේ "සුභා තෙරණියගේ කතාවේ" සංගීතවත් කරන්නත් ලැබෙනවා.

මේකෙන් පස්සේ මකරා,රං කඳ, සෙනෙහබර ඩොලී, මකරාක්ෂයා, ධවල භීෂණ, මෝදර මෝල වගේ නාට්‍ය ගොන්නක් ඔහුට ලැබෙනවා.

ඔහු මුලින්ම රඟපාපු චිත‍්‍රපටය තමයි තිලක සහ තිලකා. පසුව තිස්ස අබේසේකර, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි ගමගේ වගේ අධ්‍යක්ෂවරුන්ගේ හොඳම චිත‍්‍රපටිත් ඔහුට ලැබුණා. 

විරාගය, වෝටර්, මදර් තෙරේසා, මහගෙදර,  කරුමක්කාරයෝ, නිකිණි වැස්ස ඔහු රඟපෑ චිත්‍රපටි කීපයක්. ළාහිරු දහසක් ඔහු විසින් රචිත ඉතා ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයක්

කශේත්‍ර ගණනාවක හසල දස්කම් පෑ ඔබට අප නිවන් සුව පතමු...!!!

No comments:

Post a Comment