Saturday, May 2, 2015

(අ)මතක...
















කිරිකැටියෙකුත් කර පින්නා, නුඹ බසයට ගොඩවුනේ...  නොසිතුව වෙලාවක...
මතකය සිත පුරා පිබිදිනි, මා පෙම් කල නුඹට, සුන්දර අතීතෙක....
දෙනුවන් විකසිතව, ඔබ පුදුමින් බලා, හෙලු ලෙංගතු සිනාවක..
සැඟවී තිබෙනු දුටුවෙමි දිවියේ, නොනිමෙන හිස් බව මම මනාවට...


පුද දුන් අසුන පිලිගෙන දරුවා ඇකයේ තියා...
පොඩ්ඩා හිනාවෙයි සෙනෙහස මේ යැයි මට කියා...
නොවෙදෝ ඔබට දුන්නේ මා පෙම් හසුනක් ලියා...
ඒ බැව් සිහිවෙලා මට තනියම සිනහා ගියා...

මාගේ පුතුන් දෙදෙනත් බිරිඳත් නිවසෙහි තියා...
අද යන ගමන් ගමට දැකුමට මව සහ මගෙ පියා...
මේ වුනු අහම්බය දිවියේ මතක පොතේ ලියා ...
ඇය හා සිනාසී මම අපෙ මහ ගෙදරට ගියා...

No comments:

Post a Comment