Wednesday, May 6, 2015

මතකයි මමත් රැවටුනු හැටි මිරිඟුවට...

ප්‍රේමය, විරහව, මේ සියල්ල අප තනිව විඳිනවාට වඩා අප සමඟ සියල්ල බෙදා ගන්නා සොබාදහමත් සමඟ බෙදාගත හැකිය.

රතඹුරු හිනා වෙනකොට හිරු පායද්දී...
තණ අග පිණි කඳුළු වැලපේ මියැදෙද්දී...
මා හැර ගොසින් ඔබ ඔහු හා හිනැහෙද්දී...
නෙතු වැලපේවි මතකය සිත පාරද්දී..


සඳ සාවියට කඩුපුල පෙම් බැන්දාට...
තරු හිනැහේද සඳු පායපු ඒ  රෑට...
මා හැර ගිහින් ඔබ සනහස වින්දාට...
සිත හඬනවා නෙත අවනත වූවාට...

ඉර පායලා මන්දාරම එකතු කොට..
මොහොතක ජීවිතය දී දේදුන්නකට...
සසරක පැතුම් එක පොදියට තුරුලු කොට...
මතකයි මමත් රැවටුනු හැටි මිරිඟුවට...

No comments:

Post a Comment