Tuesday, May 12, 2015

විඳිනව නම් නුවර එලිය මෙහෙමයි ඇත්තටම ඔන්න..
















කොලඹ රටේ මහත්වරුන් හිත ගින්දර නිවා ගන්න..
අපෙ දුකින් හීතල වුනු නුවර එලියෙ එනවා..

කොලඹ තියන කුණු කඳු උස මදි හින්දද මන්දා..
අපෙ කරදර වලින් උපන් කඳු නගින්න යනවා..


අඩියක් අඩියක් ගානේ ගලනා අපෙ දුක් කඳුලැළි
ඔබලා හරි ආසාවෙන් බලාන හිනැහෙනවා...

අන්තිමේදි අපෙ හිනාව හිතේ තියන මනුස්සකම
විතරක් පින්තූර අරන් යලි යන්නට යනවා...

දවසක නෝනල බේබිල අපෙ ලයිමට ඇවිත් යන්න..
හීතල අඩු වෙන්න ඇහැකි උණු උණු රොටි හදා දෙන්න..
ගෙදර එකම කාමරයේ පුලුවනි  රැය ගෙවා ගන්න...
විඳිනව නම් නුවර එලිය මෙහෙමයි ඇත්තටම ඔන්න..

හවසට කුස පිරෙන්නේ නම් දළු ගෝනිය පිරුනාමයි..
දවසක දුර දන්නේ මිරිවැඩි නැති පා යුග පමණයි..
පුංචි එවුන් ඉල්ලන්නේ සෙල්ලම් බඩු එහෙම නොවෙයි..
අද බත් කමු අම්මේ එක හොද්දක් හොඳටෝම මදැයි..

No comments:

Post a Comment