Thursday, May 14, 2015

තාමත් මගෙ හිත කියන්නෙ නුඹ ආපහු ඒවි කියල..














තාමත් මගෙ හිත කියන්නෙ නුඹ ආපහු ඒවි කියල...
මං ආයෙත් නුඹේ ලඟට එක්කරගෙන යාවි කියල...

නුඹෙ කට හඬ විහිළු තහලු නැති හින්දා හරි පාලුයි...
මෙතැන ඉන්න හැමෝම මා එක්කල නම් හරි යාලුයි...

මෙහෙ අයනම් මට කියන්නෙ නුඹ ආපහු එන්නෙ නෑලු...
මට ආයේ කවදාවත් නුඹ දකින්න වෙන්නෙ නෑලු...

ඒ උනාට මගේ උකුලෙ හිස තියාන උන්නු වේලෙ...
මතක් වෙනව ආදරයෙන් මම හිස අත ගාපු තාලෙ...

එක්කරගෙන එනවට එහෙ අය අකමැති නම් කියන්න...
මට පුලුවනි මගෙ මේ හිත හෙමි හෙමිහිට හදා ගන්න...

අනේ පුතේ ඒ උනාට එපා මාව තනි කරන්න...
බැරිද නුඹට තුන් පෝයට සැරයක් වත් ඇවිත් යන්න...

නුඹට හරිම රාජකාරී මම දන්නව සුදු පුතේ...
හුඟක් වෙලා රැඳෙන්න ඇවිදින් ඕනැන්නැහ පුතේ...

මම පොරොන්දු වෙනවා මම එන්න අහන්නෑ පුතේ...
නුඹේ මූන දැකගන්නට ඇවිදින් පලයන් පුතේ...

No comments:

Post a Comment