Tuesday, May 19, 2015

නැහැ මට දුකක් හිටියත් පුටුවේ රෝද...













නැහැ මට දුකක් හිටියත් පුටුවේ රෝද..
ඔබ බය නැතිව ජීවත් වෙනවා නේද..
කීවත් කැනහිලුන් එක එක අවලාද..
ඔබගේ සිතින් අප අමතක වෙනවාද..

අප විඳි දුක් ගැහැට ලක් මෑණියෝ දනී...
වෙසතුරු රජු වගේ අත පයත් දන් දුනී...
ඒ හැම දේම රට වෙනුවෙන්ම ඉවසමී...
මිය යන තුරුම මම මගෙ ලක් මව රකිමි...

අපෙ පොඩි එවුන් පෙති ගහලා කපන කොට...
බසයේ දුම් රියේ ගිනිදැල් නැගුනු විට...
දැන් යුද්ධයේ දිනුමක් නැහැ කියන කොට..
තරහක් නෙමෙයි ඇති වෙන්නේ දුකක් මට...

හෙන ගැහුවත් රටට ඒ ගැන බිඳුවක් නොසිතන...
කුමේ, බෙබේ, මෙරේ කිව්ව උන්ගෙන් පැවතෙන...
බලයට සල්ලියට තම මව්බිම පාවාදෙන...
පරයන් අදත් ඇත ඒ ගැන සිටිනු අවදියෙන...

No comments:

Post a Comment