Wednesday, May 20, 2015

තරු එලියෙන් පාර හොයන්..











තරු එලියෙන් පාර හොයන්..
රෑ බෝවී මම එනකොට..
සියුමැලියේ නුඹෙ සිනාව සඳක් වටිනවා...


මගෙ හිත කියවන නිසාම..
මා එන පෙර මඟට ඇවිත්..
ලෙන්ගතු බව උතුරා ගිය නෙතින් බලනවා...

මා සිත විඩා නිවෙනවා...

පුංචි පුතා කෝ අහන්න...
කලින් හොරෙන් හොරෙන් ඇවිත්...
පිටි පස්සෙන් කෑ ගහගෙන කරට පනිනවා...

ගත විඩාව නුඹෙ හුරතල්...
වචන ඇවිත් අරන් ගිහින්...
දූ අරගෙන ගේ වටේම ලුණු ගෙනියනවා...

එය දැක නුඹ හිනැහෙනවා...

අතීතයේ දුටු හීනය...
නෙතු අබියස සැබෑ වෙලා...
ඒ බැව් ඔබ හට කියන්න ඔබව සොයනවා...

මටත් හොරෙන් මගේ දිහා...
ආදරයෙන් බලන් ඉන්න...
නුඹව දකින නෙතට මගෙ කඳුලක් එනවා...

කඳුලු සතුටටත් උනනවා...

No comments:

Post a Comment