Wednesday, May 6, 2015

අඩ අඳුරට කොයි දේවිත් සීදේවී...















අඩ අඳුරට කොයි දේවිත් සීදේවී හින්දා...
අම්මා වරුන්ටත් දරුවෝ මෙතැනදි පෙම් බැන්දා...

පාට පාට ඇතුලේ අපෙ දුක හංගාගෙන...
ඇකයෙන් ඇකයකට යනවා මුව සරසාගෙන...
මා දුටුවොතින් අම්මා එය සිහිනයකට ගෙන...
අප්පච්චීට පවසාවී දුටු සිහිනය ගැන...

මධුවිත අකීකරු තරමට ඔබෙ හිත නෑ හීලෑ...
සිඹිනව වගේ මගෙ හිස අප්පච්චී ලං වීලා..
අම්මගෙ බෙහෙත් ටික ගන්නට තව දාහක් දීලා...
රඟදෙනු මැනවි මම කරළිය ඔබ නළුවා වීලා...

No comments:

Post a Comment