Sunday, May 3, 2015

අපේ කසළ කන අපේ වන අලි...

















පහත ඡායාරූප පෙලින් දිස්වන්නේ කසළ ආහාරයට ගන්නා අලි රංචුවක්. කන්තලේ සිට සේරුනුවර දක්වා දිවෙන මාර්ගයේ යන බොහෝ දෙනෙක්ට මේ අලි රංචුව දැකගන්නට පුලුවන්. මෙතැන තමයි කන්තලේ ප්‍රාදේශීය සභාව කසල බැහැර කරන ස්ථානය. මෙසේ කසල ආහාරයට ගැනීමේන් මෙම සතුන් බොහෝවිට මරණයට පත්වෙන්න හැකියාවක් තියනව. මොකද මේ කසල සමඟ තියෙන පොලිතින් වැනි දේත් මේ අය ආහාරයට ගන්න නිසා. 

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයෙන් ඉවත් කරන කුණු කෑම නිසා මියගිය අලින් පිලිබඳව, බුද්ධංගල අභය භුමියේ කසළ ආහාරයට ගෙන මියගිය වන අලියා මෙන්ම තිස්සමහාරාමයේ කුණු වලවල් සාදා අලින් ගෙන්වා ගැනීම් සිදුකල හෝටල්, පොළොන්නරුව ගල්ලෑල්ල කැලෑබද ප්‍රදේශයට ගොඩ දමන කැළි කසළවල ඇති පොලිතින් ආහාරයට ගන්නා වන අලි ගැනද, අසන්නට ලැබුනු බව මතකය. 

20 වන ශතවර්ෂය ආරම්භයේදී 12,000ක් පමණ වූයේයැයි සැලකෙන ලාංකීය අලි ගහණය,  2011  අගෝස්තු මස වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද සංගණනයට අනුව 5879 ක් බව සොයාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට වන අලින් දෙසීයත් දෙසීය පනහත් අතර ප්‍රමාණයක් මියයනවා. ඒ වගේම වසරකට අනාථ වන අලි පැටවුන් ගණන 40ක් පමණ වෙනවා.   2010 වසරේදී අලි - මිනිස් ගැටුම් නිසා වන අලින් 230ක් පමණද, 2011 වසරේ දී වන අලින් 200ක්, 2012 වසරේදී 230ක්, 2013 වසරේ තරමක් අවම වෙමින් 190 ක් පමණ ආදී වශයෙන් මරණයට පත්වෙලා තියෙනවා.

ඉහත මරණ ගොන්නට බලධාරීන්ගේ නොසැලකිලිමත් කම නිසා මෙවැනි කසල ආහාරයට ගන්නා වන අලින්ද එකතුවිය හැකිය. අඩුම තරමින් මෙම කසල බැහැර කරන ප්‍රදේශය වට කොට විදුලි වැටක් හෝ ඉදිකීරිමට හැකිනම් එය ඉතාමත් වටිනා කටයුත්තකි.


















යොමු...

http://mawbima.lk/1-43972-news-detail.html
http://mawbima.lk/1-58350-news-detail.html
http://www.dinamina.lk/2011/10/31/_art.asp?fn=n1110319
http://www.lankadeepa.lk/index.php/articles/184146
http://sinhala.adaderana.lk/news.php?nid=49207
http://www.dinamina.lk/2011/12/29/_art.asp?fn=n1112294
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=36052:2014-04-18-12-33-14&catid=58:urumaya&Itemid=80
http://www.lankadeepa.lk/articles/44797/
http://www.lankadeepa.lk/index.php/articles/190196
http://www.vikalpa.org/?p=1401
http://www.lankafreedom.com/news-1--419.html
http://www.divaina.com/2013/11/06/provin10.html

No comments:

Post a Comment