Tuesday, April 14, 2015

නොනගතය නිමාවිය....




අපි අද අලුත් අවුරුද්දට වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නා. මෙතන මේ වෙනකොට 21 දෙනෙක් නේවාසිකව ඉන්නව. එයින් 16 දෙනෙක් ම යම් යම් මානසික රෝග වලින් පෙලෙන අය. මේ අයව මෙතනට යොමු කරල තියෙන්නෙ අංගොඩ මානසික රෝහලෙන්. මොකද මේ අයගෙ භාර කාරයො මේ අයව ගෙනියන්න අකමැති නිසා සහ ඇතැම් අය ව්‍යාජ ලිපිනයන් යොදා ලෙඩුන් අතුලත් කරල නිසා තමයි මේ අයට මේ වගේ තැනක පිලිසරණ පතන්න වෙලා තියෙන්නෙ. මෙතනට හැම මාසයකට සැරයක්ම වෛද්‍ය වරයෙකු ඇවිත් මේ අයගෙ රෝග තත්වයන් බලල නිසි ප්‍රතිකාර කරල යන බවත් දැනගන්නට ලැබුන.


දානය අරන් ගිය ගමන් මේ අය බුදුන් වැඳල පිරිස පන්සිල් සමාදම් කරවනව.


ඒ අතර තුර තවත් කීප දෙනෙක් කෑම පිලියෙල කරනව..




ඉතින් ඊට පස්සේ....


සමහර අයට තනියම කන්න අමාරුයි. එහෙම අයට එතන ඉන්න අතපය වාරු තියන අම්මල උදව් වෙනව.



මේ ඉන්නෙත් අද වගේ අලුත් අවුරුදු දවසක දරුවොත් එක්ක හිනා වෙලා සතුටු වෙන්න අසාවෙන් දරුවො එනකම් මග බලන් ඉන්න මව්වරුන් නේද කියල හිතෙනකොට....


පසුගිය ලිපි - http://dawasindawasata.blogspot.com/2015/02/blog-post_22.html


No comments:

Post a Comment