Saturday, April 4, 2015

දිවියේ තිබෙන අනියත බව තේරෙනවා...



ඊයෙ මහරගම පිලිකා රෝහලට ගියා ලෙඩෙක් බලන්න. ඒකත් අමුතුම ලෝකයක්. අපේ මිනිස්සු තවමත් අපේ සංස්කෘතියෙන් අපිට උගන්නපු හොඳ දේවල් පුරුදු පුහුණු කරන නිසාම එතනට ගොඩක් දාන නම් ලැබෙන බව දැනගන්න ලැබුනා. 


රෝගී වෙලා හිටපු ගොඩක් වැඩිමහලු අය අතරෙ බොහොම ලස්සන පාසැල් යන වයසෙ කියල හිතන්න පුලුවන් ගැහැනු ලමයෙකුත් හිටිය. මේ ලමය ඇඳ උඩ වාඩි වෙලා ඔලුවත් පහත් කරන් කකුල් දෙකේ ඇඟිලි හොල්ල හොල්ල එක දිහා බලන් ඉන්නව. අතේ සේලයින් කටු ගහල. පිලිවෙලකට නැතුව කපපු කොන්ඩයක්. කොච්චර කොහොම උනත් ඇයගේ මුහුනෙ තිබුනු සිනහව නම් තවමත් හොරකම් කරන්න බැරිවෙලා. ටික වෙලාවකින් ඒ දරුවගෙ අම්ම ආව දවල්ට කෑමත් අරගෙන. පස්සෙ කතා කලාම දැනගන්න ලැබුනා උසස් පෙළ කරපු දරුවෙක් බව. 

දිගු කෙස් වැටිය නැත මා හට තවත් හිමි..
මට තනි රකින්නේ එන්නත් කටු පමණි..
තත්පර කටුව මට දැන් පැය කටුව මෙනි..
දහතුන වාට්ටුවේ මම දිවිය අරඹමි..

උසස් පෙළ ලියා ප්‍රථිඵල ලැබෙන විට..
මම ඇත මහරගම තනිවී ඇඳක් පිට..
දොස්තර කෙනෙකු වන සිහිනය පසක් කොට...
ලෙඩ්ඩුන් පිරිවරා මම අද රෝහලක...

පනාව පිරෙන්නට කෙස් ගැලවී එනවා..
ඇති හිස පීරුවා අම්මේ හිත පෑරෙනවා..
දිවියේ තිබෙන අනියත බව තේරෙනවා..
එය තේරුම් අරන් අද මම හිනැහෙනවා...



No comments:

Post a Comment