Sunday, April 26, 2015

සිදාදියේ නුඹ...













ගෙවුනු අතීතය කෙතරම් සුන්දර දැයි සිතන්න....
නොදුටුව අනාවක වෙනුවෙන් මා හැරදා නොයන්න...
සුන්දර මතක ගොන්නක් සින්නක්කර ගෙන විඳින්න....
ඇත්තෙන් හිතට හරි මදි ඔබ ඔබෙ පංගුව ගන්න....


ඔබ මා ඇවිද ගිය තැන්වල දූවිලි මල් පිපුනු...
නොවැටී ගියා මතකයි මං මාවත් වල පොකුණු...
ගිනියම් වැස්ස ඇද හැලෙනා විට දහවල දරුණු...
ඔබ මට මුවා වෙයි එනමුදු ගත ඩහදිය පෙඟුනු... 

සිදාදියත් නුඹ වාගෙම අමුතුයි විසිතුරුයි....
සැමදා අලුත්වෙයි දැකුමට ආසයි පියකරුයි...
එනමුදු පිටට වැඩියෙන් ඇතුලත දරුණුයි රළුයි...
ඔබ නම් එහෙම නැහැ කවදත් එක ලෙස ලෙංගතුයි...


No comments:

Post a Comment